ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත, රාජ්‍ය ආයතනවල සේවයට එක්වූ ඉහලම පෙලේ පෞද්ගලික ආයතනවල දැවැන්තයින් කිහිප දෙනෙකු, වහාම රජයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඉතා
විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.  
 
අප වෙත වාර්තාවන තොරතුරු වලට අනුව මේවනවිට එසේ සිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා සහ සංවර්ධන ලොතරැයියේ සභාපති අමිත කුමාර ගමගේ යන දෙදෙනාය. 
 
ඉදිරියේදී එසේ රජයේ තනතුරු බාරගත් තවත් කිහිප දෙනෙකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී යළි පෞද්ගලික සේවයට එක්වීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ. 
 
 
 
ජනාධිපතිවරයාගේ සැලැස්මකට අනුව, රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ මෙන් කාර්යක්ෂම කරලීම සඳහා වූ වැඩසටහන වෙනුවෙන් ඔවුන් රාජ්‍ය සේවයේ තනතුරු බාරගනු ලැබුවේ වසරක කාලසීමාවකට යටත්වය. එම කාලසීමාව මේවනවිට අවසන්ව තිබීමත්, වෙනත් පෞද්ගලික හේතුන් හා දේශපාලන බලපෑම් නිසාත් ඔවුන් මෙසේ ඉල්ලා අස්වීමට තීන්දුකර ඇතැයි පැවසේ.
 
 
 
පෞද්ගලික ආයතනවල ඉහලම පරිලකයින් ලෙස සේවය කරද්දී රුපියල් මිලියන ගණනින් වැටුප් හා සුවිශේෂී වරප්‍රසාද ලැබූ ඔවුන් ජනාධිපතිවරයාගේ බලවත් ඉල්ලීම මත රාජ්‍ය සේවයට එක්වුයේ රුපියල් ලක්ෂයකට ආසන්න මාසික වැටුපකටය. 
 
 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇද්දැයි  අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ''නුෂාඩ් පෙරේරා, සභාපතිකමෙන් ඉල්ලා අස්වීමේ ලියුම ජනාධිපතිතුමාට එවලා තිබුනේ අප්‍රේල් 20 වෙනිදා. '' කියාය. 
 
 
 
අමිත කුමාර ගමගේ :
 

131566172 2786323438304641 964556400444239265 n

 
 
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත කුමාර ගමගේ ද සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අප අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමේදී පැවසුයේ එවැනි ලිපියක් ලැබී ඇති බවයි.
 
පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමට තීරණය කර බව දැනුම්දෙමින් ඔහු සිය අස්වීමේ ලිපිය මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ වෙත යොමුකර ඇතැයි එම නිලධාරියා පැවසිය.
 
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස පත්කළ අමිත ගමගේව ඉන් අනතුරුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබිය. 
 
ඔහු නව ධුරයෙහි වැඩබාර ගැනීම 2020.12.17 දින සිදුවිය.
 
 
 වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූ තුන්වෙනියා වන්නේ අමිත ගමගේ ය.  
 
 
ඔහු සභාපති ධුරයේ රාජකාරි කළ මාස කිහිපය තුල ආයතනය යලි ගොඩනැගීමට විශේෂ පරිශ්‍රමයක් දරා තිබිණ. 
 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන ඔහු ඕස්ට්‍රේලියාව වෙස්ටන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු වෙයි. ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකි. 
 
අමිත ගමගේ විගනණය හා සම්බන්ධ සුප්‍රසිද්ධ KPMG ආයතනයේ (Ford Rhodes Thornton & Company) හා එංගලන්තයේ මෙරාලිස් ගණකාධිකරණ ආයතනයේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කර ඇත. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ ඔහුගේ භාර්යාවයි.
 
 
සුදේව හා කින්ස් ලී !
 
 
කෙසේවුවද,  පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් ලෙස සේවය කරමින් මාසිකව රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලැබූ සුදේව හෙට්ටිආරච්චි හා කිංස්ලි රත්නායක යන ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයින් දෙදෙනා ජනාධිපතිපතිවරයාගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂයකට අඩු වැටුපකට රාජ්‍ය සේවයට එක්වීමට යන්නේ, නුෂාඩ් පෙරේරා, අමිත ගමගේ වැනි පෞද්ගලික අංශයේ සිටි දැවැන්තයින් රාජ්‍ය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති තත්ත්වයක් තුල දී වීම සුවිශේෂී කාරණයකි. 
 
###############
THE LEADER TV 

 

THE LEADER TV 
 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

 

"පාස්" වෙන්න නම් මෙන්න වැඩක් "ස" !  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image