අත්අඩංගුවට ගෙන සිටින, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින්, පුත්තලම, කොළඹ මුහුදු තීරයේදී උද්ඝෝෂණයක් අද (02) පැවැත්වින.

 
''රිෂාඩ් නිදහස් කරනු,
අපේ නායක රිෂාඩ් ට සාධාරණය ඉටු කරන්න ''
 
''රාජපක්ෂලාට සහය නොදක්වන්නෝ
අපරාධකරුවන්ද?'' 
 
''සුළු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිනු.''
 
''අපේ නායකයා නිදහස් කරන්න''
 
 
ආදී ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය පැවැත්විණ. 
 
RB Protest Puttalam 3 1

RB Protest Puttalam 3 3

RB Protest Puttalam 3 2

 
 
අයුක්ති සහගත ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයෝ මෙහිදී ආණ්ඩුවට බල කර සිටියහ. 
 
මෙහිදී අදහස් දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අෂික් කියා සිටියේ, මහ රාත්‍රියේ නිවසට ගොස් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සදාචාරාත්මක නොවන බවයි.  රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපළයක් ලෙස බවත් ඔහු අවධාරණය කර සිටියේය.
 
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජාහිර්සඳහන් කළේ, ''පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති සියලු විමර්ශනවලදී රිෂාඩ් බදියුදීන් නිර්දෝශී පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබියදී යළි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළ කිසියම් අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුවන බවයි.
 
මෙම උද්ඝෝෂණය සඳහා මන්නාරම, පුත්තලම ප්‍රදේශවල මහජන නියෝජිතයන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝප දේශ අනුව මුව ආවරණ පැළඳ සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබින.
 
 උද්ඝෝෂණය සඳහා කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. 
 

 
 
 
රහස් පොලිස් නිලධාරීන් බලවත් අසීරුතාවයක !
 
 2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 24දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ දෙවන වරටය. 
 
මිට ඉහතදී ද එකී චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් පුරා රඳවා ගෙන සිට චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම මත මුදාහරිනු ලැබිය. 
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති මොහුට එරෙහිව අලුතින් කිසිඳු සාක්ෂියක් සොයාගැනීමට නොහැකිව සිටින අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව, උසස් නිලධාරීන්ගේ ගමන් සටහන් පොතෙහි (OVB ) හි මේ දක්වා කිසිඳු සටහනක් පළකර නොමැති බවත්, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පමණක් කෙටි සටහනක් පළකර ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් මෙසේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන සිටීම සම්බන්ධයෙන් මෙරට තානාපති කාර්යාල කිහිපයක්ම රජයේ බලධාරීන් ගෙන් කරුණු විමසා ඇත.
 
 
 
ජාත්‍යන්තර විරෝධයක් !
 
4bvcedd49c65121pize 800C450
 
ඒ අතර, මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනාවක් සම්මත කරගෙන මාසයක් ගතවීමටත් පෙර පුද්ගල අයිතිය අහෝසි කරන පීඩාකාරී නීති සම්මත කරගනිමින් ඉන්නා ශ්‍රී ලංකාව දිගටම ජාත්‍යන්තර හෙලාදැකීමට ලක්වෙමින් සිටී. 
 
අලුතින්ම ශ්‍රී ලංකාවට එරෙහිව අවි ඔසවා ඇත්තේ රටවල් පනහකට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් තෙල් අපනයනය කරන රටවල් ඇතුළු ලෝකයේ සියලුම ඉස්ලාමීය රාජ්‍ය පාහේ එක්ව ඉන්නා බලවත් සංවිධානයකි.
 
හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ නඩු නැතිව වසර ගණනක් රඳවා තැබීම නීතිගත කිරීම සඳහා “දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ” නාමයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අලුතින් පනවා ඇති නියෝග ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දැඩි විරෝධයට ලක් වී තිබේ.
 
මාසයකට ඉහතදී  ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සහාය දුන් බව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රකාශ කරන ලද රටවල් අතරින් අඩකට වැඩි සංඛ්‍යාවක්ද ඒ අතර වෙයි.
 
මාර්තු මස 12 වැනිදා ගැසට්ගත කරන ලද එම නියෝග යොදාගෙන “මුස්ලිම්වරුන් අත්තනෝමතික ආකාරයෙන් රඳවා ගෙන ඔවුන් වධහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු කිරීමට ඉඩ සලසා දෙන,  කිසිදු නීතිමය සෝදිසියකින් තොරව දණ්ඩමුක්තිය භුක්ති විඳින ‘ඒකාබද්ධතා මධ්‍යස්ථාන’ නිර්මාණය කිරීම” OIC සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (IPHRC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් හෙලා දැක තිබේ.
  
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගන්න ලද යෝජනාවද තම බරපතල අවධානයට ගන්නා ලද බව මුස්ලිම් රටවල් සමුහය කියා සිටී.
 
 
සබැඳි පුවත් :
 

 

 


 

THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්