කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙන අතර එම ප්‍රතිපල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය
කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත කිහිපයකදීම ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
 බලය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ ප්‍රාන්ත කිහිපයකින් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිව ඇති බවත්, ජනතාව ප්‍රබල ලෙස මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.
 
 ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් බලකොටු, මෝදි පාලනයෙන් ගිලිහෙමින් තිබේ.
 
 
ජය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය හිමිව ඇත්තේ ටී එම් සී පක්ෂයටය. 
 
එම පක්ෂයේ නායිකා මමාටා බැනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ බලය අත්පත් කර ගෙන සිටින අතර ඉන්දියාවේ සිටින එකම ප්‍රධාන අමාත්‍යවරිය ද ඇයයි. 
 
 
 8tcapgao mamata banerjee pti 625x300 06 February 21
                       මමාටා බැනර්ජි (Mamata Banerjee)
 
 
මෝදිගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරිනියක් වන මමාටා බැනර්ජි ලබා ඇති ප්‍රබල ජයග්‍රහණය තුලින් බටහිර බෙංගාල වැසියන් මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති අයුරු මනාව නිරූපනය වන බව විචාරකයින් පෙන්වා දෙති.
 
බලාපොරොත්තු දල්වා සිටි පරිදි ඇසෑම් ප්‍රාන්තයේ බලය රැක ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇත. 
 
කෙසේවෙතත්, ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකදී භාරතීය ජනතා පක්ෂයට මීට පෙර පැවැති ජනතා කැමැත්ත සහ විශ්වාසය පලුදු වී ඇති බව පෙන්නුම් කෙරේ.
 
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය අපොහොසත්වීම මෙලෙස එම පක්ෂයට තිබූ ජනතා බලය අහිමිවිමට ප්‍රධාන හේතුව ලෙස සැලකේ. 
 
ඖෂධ හිගය, එන්නත් හිගය, ඔක්සිජන් හිගය හා රෝහල්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඉන්දීය වැසියන් දහස් ගණනක් මේවනවිටත් බරපතල අර්බුදයකට ලක්ව සිටිති.
 
 ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉන්දීය වැසියන් ප්‍රාන්ත මැතිවරණය හරහා මෝදි රජයට විරෝධය දැක්වූ බව විචාරකයින් පෙන්වා දෙති. 
 
මේ අතර ගතවු පැය 24 දීද, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 70,000 ක් වාර්තා වේ. එම කාලය තුලදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,422 කි. 
 
(නෙත් නිව්ස්)
 
 

###############
 
THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්