වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට ( Lockdown) කටයුතු කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක උක්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස් වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශය මේ වන විට හුඳෙකලා කර තිබේ.
 
එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට අයත් රත්මැටිය ග්‍රාම නිලධාරි වසම හුදකලා කර ඇත.
 
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත, නාරම්පිටිය, පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ඊට අමතරව මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
 
 
 
පිටරටින් පැමිණි 48 කට කොරෝනා :
 
 
ඊයේ දිනයේ විදේශයන්හි සිට මෙරටට පැමිණි පිරිස අතරින් 48 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පවසන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙම තත්ත්වය දැඩි සැලකිල්ලක් දැක්විය යුතු තත්ත්වයක් බව ද කියා සිටියේය.
 
 

 
 
යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ මේවනවිට දිවයින පුරා පොලිස් වසම් 06 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 65 ක් හුදෙකලා කර ඇති බවයි. 
 
 

 
 
වහපු පිළියන්දල යළි අරී: වටේ ගම් 10ක් වහයි
 
 
 
මේ අතර පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 
ඒ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා බව ඉවත් කර අද උදෑසන 5 සිට ග්‍රාම නිලධාරී වසම් 10ක් සහ මහරගම පොලිස් බලප්‍රදේශයේ එක ග්‍රාමසේවා වසමක් පමණක් හුදකලා කර ඇත.
 
ඒ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත නැගෙනහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර සහ මඩපාත යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබේ.
 
 මහරගම පොලිස් බල ප්‍රදේශයේ හුදෙකලා කර ඇත්තේ ඇරැව්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසමයි. 
 

ප්රවෘත්ති නිවේදනය 417

 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
###############

 

THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්