ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී තමිල්නාඩුවේ කොයිම්බතුර් (දකුණ) ආසනය වෙනුවෙන් තරග කළ
මක්කල් නිධි මයියම් පක්ෂ නායක ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් ඡන්ද සටනින් පරාද වී තිබෙනවා.
 
ඒ භාරතීය ජනතා පක්ෂ අපේක්ෂිකා වනති ශ්‍රිනිවාසන් සමඟ කරට කර පැවති ඡන්ද සටනකින් අනතුරුව ය.
 
එරට මැතිවරණ කොමිසම නිකුත් කළ ප්‍රතිපල අනුව වනති ශ්‍රිනිවාසන් සහ කමල් හසන් අතර පරතරය ඡන්ද 1540 කි.
 
එසේම, සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 33.2ක් කමල් හසන් ද සහ සියයට 34.38ක් වනති ශ්‍රිනිවාසන් ද ලබාගෙන ඇත.
 
මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්, මනාප ලබාදුන් සියලු දෙනාටම ස්තූති කරන බවත් ඉදිරියටත් ප්‍රාන්තය සහ ජනතාව රකින බවටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
 
(අවාරා)

 

 


 

THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්