news25 texවෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහමඞ් සාෆිට ඇති මව්වරුන් වඳ කිරීමේ චෝදනාවලට අදාළව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ විභාගයක් පවතී. එම විභාගයට අදාළ පොලිස් විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය විසින්ය.

මෙම පරීක්ෂණය පිළිබඳ ඉතා පැහැදිළි විස්තරයක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. තිසේරා ජූනි 27 වැනිදා පිටු 206 කින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තා සකස් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාය. 

ඉන්පසු නඩුව කැඳවූ දිනය වන ජූලි 11 වැනිදා පිටු 24කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළේය. මෙම වාර්තා දෙක පිළිබඳව ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි.

එම මුල් වාර්තාව ඇසුරෙන්, වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් ලබාදී තිබෙන සාක්ෂි පිළිබඳව මිට පෙර අපි කරුණු ඉදිරිපත් කළෙමු.

මේ එම වාර්තා ඇසුරෙන් ඉදිරිපත් කෙරෙන දෙවැනි සටහනයි.

'දිවයින' රටම ගිනිතබමින් පලකළ පුවත :
Didainaමේ කතාව ඉතා සරල එකකි. 'මුස්ලිම් වෛද්‍යවරයෙකු' සිසේරියන් සැත්කම් කරන අතරේ සිංහල බෞද්ධ මව්වරුන් 4000කගේ පැලෝපීය නාලය අවහිරකොට ඒ මව්වරුන් වඳ කර ඇති බවට චෝදනාවක් 'දිවයින' පුවත්පතෙන් එල්ල විය. ඒ චෝදනාව එල්ලවීමෙන් පසුව, පැය කිහිපයක් තුළ එම මුස්ලිම් වෛද්‍යවරයාගේ නම සාෆි සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සමාජ මාධ්‍ය හරහා කීවේය. මාධ්‍යද ඒ නම පුනරුච්ඡාරණය කළේය. 

ඉන්පසුව සිදුවුණේ වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල, ගලේවෙල හා අඹුල්ල රෝහල්වලට ඉදිරිපත්වීමයි.

එහෙත් ප්‍රශ්නයක් තිබුණි. ඉදිරිපත් වූ මව්වරුන් කිසිවෙකුගේ පැලෝපීය නාලය වෛද්‍ය සාෆි අවහිර කළ බවට කිසිදු ප්‍රමාණවත් තොරතුරක් තිබුණේ නැත. මව්වරුන් සියලුදෙනාම පාහේ තමන් වඳභාවයට පත්කර ඇතැයි කීවේද නැත. ඔවුන් කීවේ තමන්ට දරුවන් නැති බව පමණි. ඒ අතර සිටි මව්වරුන්ගෙන් බහුතරයක් දෙවැනි දරුවෙකු හදන්නට උත්සාහ ගෙන තිබුණේත් නැත.

එස්එච්ජී පරීක්ෂණ:

පැලෝපීය නාලය අවහිර කළාද නැද්ද යන්න හොයා ගැනීම සඳහා කළ හැකි පරීක්ෂණයක් ඇත. එස්එච්ජී පරීක්ෂණය  නමින් හඳුන් වන්නේ එයයි. ලංකාවේදී ඒ පරීක්ෂණය කළ හැකිය. ඉතින්, දැන් කරන්නට තියෙන්නේ ඉදිරිපත්ව සිටින මව්වරුන්ගේ පලෝපීය නාලය අවහිර වී තිබෙනවාද, නැද්ද යන්න සොයාගැනීමට එස්එච්ජී පරීක්ෂණය සිදු කිරීමයි.

පරීක්ෂණයෙන් පසුව පැලෝපීය නාල අවහිර වී නැති බව ඔප්පු වුණොත්, තකාව අහවරය. ඉන්පසුව කරන්නට තියෙන්නෙ ඉතා සරල දෙයකි. රටම දීර්ඝකාලීන ජනඝාතක අර්බුදවලට ඇදදමන්නට තරම් බරපතල විය හැකි අතීශය බරපතල චෝදනාවක් එල්ලකරමින්, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බොරු කී පුද්ගලයන් ගැන පරීක්ෂණ කොට ඔවුන්ට දඬුවම් කිරීමය.

පැලෝපීය නාල අවහිර වී තිබෙන බව ඒ පරීක්ෂණවලින් හෙළිවුණොත්, වෛද්‍ය සාෆිට එරෙහිව පරීක්ෂණ කළ හැකිය. ඉන්පසුව වරදකරුවන් සොයා දඬුවම් කළ හැකිය. 

එහෙත් කුමන්ත්‍රණ න්‍යායයන්වලින් උමතු නොවූ තර්ක බුද්ධියක් ඇති පුද්ගලයන් ලෙස අපට නම් දැඩි විශ්වාසයක් ඇත. ඒ, තර්කානුකූලව වෛද්‍ය සාෆිට එල්ලකර තිබෙන චෝදනාව සැබෑවක් විය නොහැකි බවයි. 

කොහොම වුණත්, අපේ විශ්වාසය ඇත්තක්ද බොරුවක්ද යන්න තේරුම් ගන්නට නම් අප කලින් කී එස්එච්ජී පරීක්ෂණය කර ඇත්ත නැත්ත සොයාගත යුතුය. එතැනින් මේ කතාවට සරල විසඳුමක් ලැබෙනු ඇත.

එහෙත් කතාව ටිකක් විතර සංකීර්ණ වෙන්නේ එතැනින් පසුවය.

අප කලින් කී පරිදිම වෛද්‍ය සාෆිට එල්ල කළ චෝදනාව ව්‍යාජ එකක් බව තර්ක බුද්ධියක් ඇති සියල්ලෝ දනිති. ඒ නිසා එස්එච්ජී පරීක්ෂණය කළොත් වෛද්‍ය සාෆිට එල්ලකළ බරපතලම චෝදනාවට නැවතීමේ තිත තැබෙන බව ඔවුහු දනිති. මෙම කතාව කර තබාගෙන ගිය අන්තවාදී බලවේග ගණනාවකකට මහා පරාජයක් අත්වෙන බවද ඔවුහු හොඳින්ම දනිති. 

ඒ බලවේගවලින් සමාජගත කළ තවත් මෙවැනි ම බොරු කතා බොහොමයක් එයින් අවලංගු වෙන බවද ඔවුහු දනිති. ඒ නිසා එස්එච්ජී පරීක්ෂණ කෙසේ හෝ වැළැක්වීම ඔවුන්ගේ අරමුණ වී ඇත. 

පිළිකා හැදෙයිලු !

Sarath weerabandaraකුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාරට පැලෝපිය නාල ගැන දැනුමක් නැත. 


කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර දන්ත වෛද්‍යවරයෙකි. රෝහල් අධ්‍යක්ෂධූරයක් ලැබෙන්නේ වෛද්‍ය පරිපාලනයට අදාල සුදුසුකම් මත මිසක, වෛද්‍ය විද්‍යාත්මක දැනුම මත නොවේ. එහෙත් ජූලි 27වෙනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර කියා තිබුණේ එස්එච්ජී පරීක්ෂණයට මුහුණ දුන් පසුව කාන්තාවන්ට අසාත්මිකතා සහ පිළිකා ආදී රෝග ඇති විය හැකි බවය. 

රෝහල් අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර තවත් කරුණු සඳහන් කරමින් විනාඩි විස්සක් තිස්සේ ජූලි 27වෙනිදා අධිකරණයේද කරුණු දක්වා තිබුණි. එහෙත් රෝහල් අධ්‍යක්ෂකවරයා කළ කරුණු දැක්වීම මෙම නඩු දිනයට අදාල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිරකණයේ කාර්ය සටහන්වලට ඇතුළත්වී තිබුණේ නැත.

 ඒ ගැන සීඅයිඩී නිලධාරීන් අධිකරණයේ ලඝුලේඛන නිලධාරිනියගෙන් විමසා තිබුණි. ඒ නිලධාරිනිය කියා තිබුණේ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ කතාව නඩු වාර්තාවට ඇතුළත් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන් බවය. ඒ බව ජූලි 11වෙනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී සීඅයිඩීය උසාවියට කළ ලිඛිත වාර්තාවේ සඳහන් කර ඇත.

වාර්තාවල නැති ප්‍රකාශයක් ගැන තීන්දුවක් !

Kurunagala doc ja
මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ වෛද්‍ය සරත් වීරබණ්ඩාර යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකු ලෙස කටයුතු කරයි.

පුදුමය වන්නේ ඒ කතාව වාර්තාවට ඇතුළත් නොකරන ලෙස දැනුම් දුන්නද මහේස්ත්‍රාත්වරයා ජූලි 27වෙනිදා නඩු වාරයේදී සිය නියෝගය නිකුත් කළ වේලාවේ රෝහල් අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කළ වාර්තාව ගැන සිය මතය ඉදිරිපත් කර තිබීමය.

'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ ඇති විමර්ශන වාර්තාවට වඩා විද්‍යාත්මක පසුබිමක් 2019-06-26 දිනැති කුරුණෑගල රෝහල් වාර්තාවේ පැවති බැවින් ඒ අනුව සලකා බලමි.' යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය මතය ඉදිරිපත් කර තිබුණි. 

අපට කරුණු වාර්තා වන අන්දමට මහේස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් හා හිරෝශිනී ජයසිංහ හේවාවසම් නම් වෛද්‍යවරිය 2013 දී විවාහ තිබේ. මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ වෛද්‍ය සරත් වීරබණ්ඩාර යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකු ලෙස කටයුතු කරන්නිය.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර ජූලි 27වනදා එස්එච්ජී පරීක්ෂණය ගැන සිය 'දන්ත විශේෂඥ' මතය ඉදිරිපත් කිරීමෙන් පසුව එදින නඩු විභාගයට අදාළ නියෝග නිකුත් කළ මොහොතේ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ජූලි 30වැනිදාට කරන්නට නියමිතව තිබුණු එස්‍එච්ජී පරීක්ෂණය නොකරන ලෙසය. 

එස්එච්ජී පරීක්ෂණයට අදාළ 'නියැදිය' ගැන කරුණු තහවුරු කරගන්නා ලෙස එදින නියෝග කර තිබුණි. වෛද්‍ය සාෆිගේ කතාවට උත්තර දැනගැනීමට තිබුණු අවස්ථාව එයින් කල් ගියේය.

මව්වරුන්ට තර්ජනය:

එස්එච්ජී පරීක්ෂණය නවත්වන්නට වලිකන උදවියගේ තවත් රංගනයක් සිදුවී තිබුණේ ජූලි 06වැනිදා උදෑසන 9ටය. කුරුණෑගල ඇත්කඳ විහාරයේ පැවති, මෙම සිදුවීමට අදාළ මව්වරුන්ට හා මෙම සිදුවීමේදී වෛද්‍ය සාෆිට එරෙහිව ‌චෝදනා කරමින් ඉදිරිපත් වන නීතිඥවරුන් සහභාගි වූ රැස්වීමකදීය. 

ඒ රැස්වීම ගැනත් සීඅයිඩීය කරුණු ඉදිරිපත් කර තිබේ. එස්එච්ජී පරීක්ෂණයට ඉදිරිපත් නොවන ලෙසත්, එය මාරාන්තික පරීක්ෂණයක් බවත් කියමින් නීතිඥවරුන් එහිදී මව්වරුන් බිය ගන්වා ඇත.

කුරුණෑගල ඇත්කඳ විහාරයේදී 2019-07-06 වන දින පැය 09.00 ට අගතියට පත් පාර්ශවයේ මව්වරුන් කැඳවා එස්එච්ජී පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවන ලෙසටත් එය මාරාන්තික පරීක්ෂණයක් බවට හඳුන්වා දෙමින් අදාළ මව්වරුන් බියට පත් කිරීමට කටයුතු කර ඇති බවට සීඅයිඩීය ජූලි 11 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවේදී කියා තිබුණේ මෙසේය.

කෙසේවෙතත් එස්එච්ජී පරීක්ෂණයෙන් ඔය කියන වර්ගයේ අසාත්මිකතා හෝ පිළිකා රෝග ඇතිවෙන්නේද යන්න පිළිබඳව විමසිය යුත්තේ ඒ පිළිබඳ විශේඥයන්ගෙන්ය. ඒ කටයුත්ත සීඅයිඩීයෙන් කර තිබුණි.

එස්එච්ජී පරීක්ෂණයෙන් අසාත්මිකතා ඇතිවන්නේද නැද්ද යන්න ගැන පසුගිය වසර පහක තොරතුරු ලබා දෙන ලෙස ප්‍රධාන රෝහල් කිහිපයකින් සීඅයිඩීය ඉල්ලීමක් කර ඇත. රජයේ ශික්ෂණ රෝහල් 6කින් හා පුද්ගලික රෝහල් 3කින් උත්තර ලැබී තිබුණි. ඒ සියල්ලම ලංකාවේ ප්‍රධානතම රෝහල්ය. කළුබෝවිල දකුණ, ගාල්ල, අනුරාධපුර, ගම්පහ, රාගම, ලංකා හොස්පිටල්, ආසිරි සෙන්ට්‍රල්, ඩර්ඩන්ස්, පේරාදෙණිය යන රජයේ හා පෞද්ගලික රෝහල්වලින් ඒ කරුණු ඉදිරිපත් කර තිබුණි.

එස්එච්ජී පරීක්ෂණ ගැන බොරුව හෙළිවෙයි

ඒ රෝහල් සියල්ලේම නිල දත්ත අනුව එස්එච්ජී පරීක්ෂණ 12.000කට වඩා සිදු කර ඇත. ඒ සියල්ලෙන්ම පසුව සිදුවී  ඇති මරණ සංඛ්‍යාව බිංදුවකි. රෝහල් සියල්ලම එස්එච්ජී පරීක්ෂණවලින් මියයෑම් සිදුව නැති බව දැනුම් දී ඇත. එක්කෝ ඉහත කී රෝහල් සියල්ලම එකතු වී බොරු කියා ඇත. නැත්නම් කුරුණෑගල අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර බොරු කියා ඇත.

ගාල්ල රෝහලේ කළ එස්එච්ජී පරීක්ෂණ 2213ක් අතරින් ශ්වසන අපහසුතා 4ක් පමණක් වාර්තා වී ඇත. ඒ හැරුණාම එස්එච්ජී පරීක්ෂණවලින් පසුව කිසිම අවුලක් ගැන රෝහල්වලින් වාර්තා කර නැත.

ඊ‌ට අමතරව එස්එච්ජී පරීක්ෂණය ගැන ප්‍රසව හා නාරිවේදී විශේඥ වෛද්‍යවරුන් තිදෙනෙකු වන කුලියාපිටිය රෝහලේ වෛද්‍ය දංගල්ලේ පේෂල රංගජීව දංගල්ල, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පතිනිසේකර මුදියන්සේලාගේ සුදත් සිරිකාන්ත පතිනිසේකර හා මාතර මහරෝහලේ වෛද්‍ය මොහොමඩ් ඉස්මත් කබීර් නයීම්ගෙන් සීඅයිඩීය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

එස්එච්ජී සාමාන්‍යයි:

මෙම පරීක්ෂයේදී කරන්නේ එක්ස්රේ හරහා නිරීක්ෂණය කළ හැකි ඩයි වර්ගයක් ගැබ්ගෙල හරහා යවා එය පැලෝපීය නාලය දිගේ යන අන්දම නිරීක්ෂණය කිරීම බව වෛද්‍ය පේෂල රංගජීව ප්‍රකාශ කර ඇත. වසරක් හෝPashala Rangajeewa දෙකක් දරු පිළිසිඳ ගැනීමක් සඳහා උත්සාහ කළ ද එම කාන්තාවට දරුඵල ප්‍රමාද වීම මත කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිරවීදැයි බලාගැනීමට මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් කරන බව එම වෛද්‍යවරයා කියා තිබේ. මෙය සංකූලතා අඩුම පරීක්ෂණයක් බවද එම වෛද්‍යවරයා කියා ඇත.

පැලෝපීය නාල අතින් මිරිකා හෝ අඬුවකින් තද කර වඳභාවයට පත් කළ හැකි බව තමා පරිශීලනය කර ඇති පිළිගත් පොතක හෝ සඟරාවක නොතිබූ බවද මේ කතාවට අදාලව වැඩිදුර කාරණයකුත් කියමින් වෛද්‍ය පේෂල රංගජීව කියා තිබේ.

වෛද්‍ය සිරිකාන්ත පතිනිසේකරද කියා  තිබුණේ සිය  සේවා කාලය තුල එස්එච්ජී පරීක්ෂණවලිදී කිසිදු රෝගියෙකු මියගිය බව හෝ සංකූලතා ඇති වූ බව අසා නැති බවයි. ඒ කතාවම වෛද්‍ය කබීර් නයිම්ද කියා තිබේ. ඒ කරුණු සීඅයිඩීයෙන් ජූලි 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර වාර්තාවේ සඳහන්ව ඇත.

එක්කෝ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර කියා ඇත්තේ බොරුය. නැත්නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් කියා ඇත්තේ බොරුය.

මේ එස්එච්ජී බිල්ලා ගැන අපි අන්තර්ජාලයේද කරුණු සෙවුවෙමු. එස්එච්ජී පරීක්ෂණය මාරාන්තික එකක්යැයි පිළිගත් සඳහනක් නැත. පිළිකා හැදෙන කතාවකුත් නැත. ඒ කතාව වෛද්‍ය සාෆිට එල්ලකළ බොරු ‌‌චෝදනා හෙළිවෙතැයි බියෙන් නිර්මාණය කළ බිල්ලෙකු පමණි.

සීඅයිඩීය ජූලි 11වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේදී පැහැදිළිව කියා ඇත්තේ සරත් වීරබණ්ඩාරගේ කතාව සාවද්‍ය එකක් බවය.

රැඳවුම් නියෝග:


අපි පසුගිය දා ''මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න'' යන ශිෂයෙන් යුතුව මව්වරුන්ගේ සාක්ෂි පිළිබඳ කරුණු කීවෙමු. ඒ කරුණු අනුව වෛද්‍ය සාෆි වඳ සැත්කම් කර ඇති බව පිළිගන්නට කිසිදු පිළිගත් තහවුරු කිරීමක් නැත. කිසිදු මවකගේ පැලෝපීය නාලය වෛද්‍ය සාෆි අවහිර කර ඇතැයි පිළිගත හැකි ආකාරයකට තහවුරු වී තිබුණේ නැත. 

අනෙක් අතට ඔහු කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට අයත් බව තහවුරු කරන්නට කරුණුද නැති බව ලංකාවේ ප්‍රධාන බුද්ධි අංශ සියල්ලම දැනුම් දී තිබුණි. එවැනි පසුබිමක වෛද්‍ය සාෆි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තබාගත නොහැකිය.

වෛද්‍ය සාෆි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් ලබා ගත් දින 90ක රැඳවුම් නියෝග මත රහස් පොලිසිය අත්අඩංගුවේ තබාගෙන සිටියේය. ඔහුට රැඳවුම් නියෝග නිකුත් කර තිබුණේ 2019 මැයි 27 වැනිදාය. මාස එකහමාරක් පමණ වෛද්‍ය සාෆි අත්අඩංගුවේ සිටියේය. 

තවමත් ඔහුට එරෙහිව අපරාධ චොදනා හෙළිවී තිබුණේ නැත. පත්තරවල ලියන වාර්තා මත පුද්ගලයන් අත්අඩංගුවේ තබාගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ඉතින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජූලි 05 වැනිදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ රැඳවුම් නීයෝගය අවලංගු කරන ලෙසය. ආරක්ෂක අමාත්‍යංශය ජූලි 10 වැනිදා රැඳවුම් නියෝගය ඉවත් කර තිබුණි. සීඅයිඩීය ජූලි 11 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවේදී කියා තිබුණේ මෙසේය.

''ජූලි 11 දින පැවති නඩු දිනයේ දී රැඳවුම් නියෝග මත රඳවා සිටින සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ අපරාධ චෝදනා අනාවරණය නොවූ බැවින් ඒ සම්බන්ධ වාර්තාවක් ඉදීරිපත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත වාර්තාවක් යොමු කරමින් සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන සැකකරුව MOD/LED/PT/134/19 යටතේ 2019.05.27 වන දින සිට ලබාගෙන තිබූ රැඳවුම් නියෝගය තව දුරටත් එම පනත යටතේ ඇති අපරාධයන්ට අදාලව අනාවරණය වී නොමැති බැවින් ලබා දී තිබූ රැඳවුම් නියෝග අ‌වලංගු කර දෙන ලෙස 2019.07.05 වන දින ඉල්ලීමක් තර ඇත.

'ඒ අනුව ආරක්ෂක අමාත්‍ය වන ගරු ජනාධිපතිතුමා විසින් අදාල රැඳවුම් නියෝගය අවංලංගු කර ඇති බව ගරු අධිකරණය වෙත වාරතා කරමි. ඒ අනුව ඉහත නම සඳහන් වෛද්‍ය සේගු සියාබ්දීන්  මොහොමඩ් සාෆි යන අය ත්‍රත්තවාදී පනත යටතේ නගා ඇති චෝදනාවලින් නිදහස් කරන බව වාර්තා කරමි.' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ වෛද්‍ය සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටවූ බවය.

ඒ අනුව ජූලි 11 වැනිදා වෙද්දී වෛද්‍ය සාෆි සැකකරුවෙක් නොවේ. එදින අධිකරණයේදී වෛද්‍ය සාෆිට ඇප ලබා නිදහස්ව යෑමට අවස්ථාව තිබුණි.

අධිකරණය අසළ මැරයෝ:

Rathana kurunagala

එහෙත් ජූලි 11 වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කුරුණෑගල නගරයට රතන හිමිගේ ගෝල හිමිනමක් වන ආනන්ද සාගර හිමි ප්‍රමුඛ කණ්ඩායමක්ද, ඩෑන් ප්‍රියසාද් ප්‍රමුඛ අන්තවාදී කල්ලිද එක්ව සිටියෝය. 

වෛද්‍ය සාෆිට ඇප ලබාදුන්නොත් කුරුණෑගල කලබල ඇති වීමේ ඉඩක් ඇතැයි ප්‍රචාර සිදුවිය. ජූලි 11 වැනිදා හැන්දෑවරුව වනතුරු නඩුව ඇදීගිය අතර, අවසානයේදී වෛද්‍ය සාෆි තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ ඔහු මුදාහැරියොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකියැයි කියමිනි.

රතන හිමිගේ තර්ජන:

වෛද්‍ය සාෆිට බොරු චෝදනා එල්ල කළ අයගේ පළවැනිම උපායමාර්ගය වී ඇත්තේ ඉහත කී පරිදි එස්එච්ජී පරීක්ෂණ නැවැත්වීමය. ඒ අතර අසත්‍ය හෙළිදරව් කරගනිමින් සිටින පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ටද බොරු චෝදනා හා තර්ජනය කිරීම්ද ඔවුන්ගේ උපායමාර්ගයක් වී ඇත.

අපූරු කාරණය වන්නේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ ඉහත කී පරීක්ෂණ වාර්තා ප්‍රශ්න නොකිරීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල තිබෙන එක් කරුණක් ‌හෝ වැරදි බව ඔවුන් තහවුරු කර නැත. ඒ වෙනුවට අවලාද ගොන්නක් පමණක් ඇත.

ජූනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙදී නඩු විභාගය අවසන් වූ පසුව රතන හිමි සිදුකළ හපන්කමක් ගැනද ජූලි 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙයි. 

එදින මධ්‍යහ්නයේ නැවැත්වූ නඩුව හැන්දෑවේ 2.15ට පමණ නැවත කැඳවා තිබුණි. ඉහත කී වාර්තාවට අනුව සීඅයිඩීය වෙනුවෙන් අධිකරණයට ගොස් සිටි සහකාර පොලිස් අධිකාරී බී. තිසේරා අධිකරණ ශාලාවෙන් ඉදිරියට පැමිණ ගමන් කළ අතරේ, රතන හිමි ඔහු සමගම පැමිණ නැවතී සිට ඇත. ඉන්පසුව සහකාර පොලිස් අධිකාරීවරයා දෙස එක එල්ලේ බලා සිට ඇත. තිසේරා මහතා ළඟට ආ පසුව ඔහුගේ අතට තට්ටු කර ඇත. 

එහිදී 'ඇයි ස්වාමින්වහන්සේ' කියා ඔහු විමසා ඇත. රතන හිමියන් 'මට පොඩ්ඩක් කතා රන්න පුළුවන්ද' කියා විමසා ඇත. 'ඇයි හමුදුරුවනේ' කියා තිසේරා මහතා විමසා ඇත. ඉන්පසු රතන හිමි දකුණතේ දඹරැගිල්ල දිගුකර 'මුළු ලෝකයම මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ'. යැයි ඇස්දෙක ලොකු කර තර්ජනාත්මක ලෙස පවසා ඇත. 

එයට පිළිතුර නොදුන් තිසේරා මහතා ඒ සිදුවීමෙන් පසුව සීඅයිඩීයේ අධ්‍යක්ෂවරයා හා සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ ගැන දැනුවත් කොට, ඒ ගැන සටහන් පොතේ සටහනක් කරගෙන ඇත.

සීඅයිඩීය පෙන්වාදෙන්නේ මෙම බියගැන්වීම හා මානසික තර්ජනය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව වරදක් බවය. මේ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බව සීඅයිඩීය ප්‍රකාශ කර තිබේ.
 
ජූනි 27 වැනිදාම නඩුව අවසන්වීමෙන් පසුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් බී. තිසේරා මහතා වෛද්‍ය සාෆිට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට ප්‍රකාශ කිරීමත්, ඒ ප්‍රකාශ දෙරණ හා හිරු ටීවී ප්‍රවෘත්ති විකාශවල විකාශය වීමත් ගැනද කරුණු දක්වා තිබුණි. එහිදී විමර්ශනවලට තර්ජනයක් සිදුව ඇතිදැයි විමර්ශනය කළ යුතු බවත් සීඅයිඩීය පෙන්වා තිබේ.

සරත් වීරබණ්ඩාරගෙන් බාධා:

සරත් වීරබණ්ඩාර රෝහල් අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පරීක්ෂණවලට අදාළ ලේඛන ලබාදීම ප්‍රමාද කරන බවත් සීඅයිඩීය වාර්තා කර තිබේ.

එම බාධා කිරීම්වලින් මෙන්ම, මාධ්‍ය ආයතනවලින් සීඅයිඩීය ගැන පතුරුවන ප්‍රචාරවලින්ද පෙනී යන්නේ වෛද්‍ය සාෆි පිළිබඳ සිදුවිම්වලට අදාලව සාධාරණ පරීක්ෂණයක් කරනු දැකීමේ ඕනෑකමක් රතන හිමි ඇතුළු බලවේගවලට නොමැති බවය. 

ඒ වෙනුවට පරීක්ෂණ කරන අංශවල මඩ තවරා, අවලාද එල්ලකොට, වින්දිතයන් බියගන්වා අවසානයේදී වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කළ විමර්ශන අසාධාරණ බවට ප්‍රචාරය කොට සාමාන්‍ය මිනිසුන් ගොනාට ඇන්දවීමේ ඔවුන්ගේ බාල සැලසුමය. කළ යුත්තේ මේ බංකොළොත් හිමිවරුන් ඇතුළු ජාතිවාදීන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කොට, ඔවුන්ගේ බාල සැලසුම් ව්‍යර්ථ කිරීමය.

මේ පිරිස මෙලෙස කෙතරම් බාධා කළද, ඔවුන්ට යට නොවී යුක්තිය ඉටු කිරීමට දායකවීම සීඅයිඩීයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් නොව, අධිකරණයේද වගකීමයි. මිනිසුන්ට අවසාන වශයෙන් යුක්තිය ඉල්ලා යෑමට ඇති දේවාලය අධිකරණයයි. 

මෙවැනි කලහකාරීන් පිරිසකගෙන් අධිකරණ පරීක්ෂණයකට, එයට සහාය වන නිලධාරීන්ට, රජයේ නීතිඥයන්ට තර්ජන හා බාධා එල්ල වන විට, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියට පැමිණිය යුත්තේ අධිකරණය බව අලුතෙන් කිව යුතු නොවේ.

(අනිද්දා - සටහන රේඛා නිලුක්ෂි හේරත්)

 සබැඳි පුවත් :

සාෆිට එරෙහි අවනඩුව: රහස් පොලිසියෙන් විනිසුරුට එරෙහිව පැමිණිල්ලක් !

සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරු බලපෑම් කරලා !

සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!

සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්