පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව

අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින 21,000කට අධික රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු නැවත ස්ථාපිත කරමින්, 'සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්' සමාගම, ජීවිත රක්ෂණ ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

 
ඒ, එවැනි සහනයක් ලබාදුන්  ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත්වෙමිනි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ ජීවිත රක්ෂණ සැපයුම්කරුවෙකු වන 'සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්' සමාගමේ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ, සුප්‍රකට ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන GIZ (අන්තර්ජාතික ජර්මානු ජාත්‍යතන්තර සහයෝගිතා ආයතනය) ආයතනයයි.
  
කොවිඩ් ව්‍යසනයත් සමඟ ඇති වූ බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් දිවයිනේ බොහෝ පිරිස් පීඩාවට පත්වූ අතර ඉන් වැඩි කොටසක් පහල හා මධ්‍යම පාන්තික ජනතාවයි. 
 
Sanasa life
 
ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නිබඳව පෙනී සිටින වගකිවයුතු රක්ෂණ ආයතනයක් ලෙස, තම සමාගම මෙම රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් තම ලාභ අපේක්ෂාවන් පසෙක දමමින්, සියළුම හිඟ වාරික පියවා, මෙම ගනුදෙනුකරුවන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු දැන් නැවත සක්‍රීය කර ඇති අතර, වසංගත තත්වයෙන් මිදී රට ක්‍රමයෙන් ඉදිරියට යන මේ මොහොතේ සුරක්ෂිතව ඔවුන්ගේ ව්‍යාපාර සමග ඉදිරියට යාමට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පවසයි.
 
මීට අමතරව ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මුල පුරමින් ඕනෑම නව ජීවිත රක්ෂණ ඔප්පුවක් සඳහා රුපියල් මිලියනකට කොවිඩ් 19 ආවරණයක් නොමිලේ ලබාදීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය කටයුතු කර තිබේ.
  
ජනතාවට සේවය සැලසීම තම ආයතනික අරමුණ කරගත් සණස ලයිෆ් ආයතනය මේ අසීරු මොහොතේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතා සුවිශේෂී වෙයි. 
 
GIZ හා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් එක්ව සිදුකල මේ දැවැන්ත ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දැක්වූ, සණස ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙනිය මෙසේ පැවසිය. 
 

indika kiriwandeniyaඉන්දික කිරිවන්දෙනිය 

 
''කොවිඩ් වසංගතය මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ට විශාල දුෂ්කරතා ඇති කර ඇති බව අප කවුරුත් දන්නවා.  කුඩා ව්‍යාපාර මත යැපෙන අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මාසික ආදායම රක්ෂණ වාරික ගෙවීමට තබා තම මුලික අවශ්‍යතා සපුරාගැනිමට පවා නොහැකි තත්වයක් ඇතිවෙලා. අවශ්‍ය ඕනෑම මොහොතක තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටින සමාගමක් ලෙස, 21,000කට අධික රක්ෂණ ඔප්පු හිමියන්ට විශ්වාසයෙන් යුතුව අනාගතයට මුහුණ දීමට උපකාර කිරීම සඳහා අපි, ප්‍රමුඛ ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන GIZ සමග හවුල්කාරීත්වයකට එළඹුනා. ඒ අනුව, ඕනෑම නව ජීවිත රක්ෂණ ඔප්පුවක් සඳහා රුපියල් මිලියනක කොවිඩ් 19 ආවරණයක් ද නොමිලේ ලබාදීමට කටයුතු කර තියනවා.'' 
 
 ඒ තුලින් ගනුදෙනුකරුවන්ට මෙම වසංගත තත්වය හමුවේ අමතර වියදමකින් තොරව ආරක්ෂාවක් සහතික කර ඇතැයි ද  ඉන්දික කිරිවන්දෙනිය අවධාරණය කර සිටියේය. 
 
වර්ෂ 2003 දී ජීවිත රක‍ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය ලබා ගෙන ඇති 'සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්' සමාගම, ඉන් වසර දෙකකට පසුව සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මකවිමේ බලපත්‍රය ද ලබා ගත්තේය. 
 
සණස ඉන්ෂුවරන්ස් යනු මේවනවිට තරුණ පරම්පාරවට රැකියා අවස්ථා දහස් ගණනක් සපයන ශ්‍රී ලංකාවේ පුමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකි. 
 

 

 


 

THE LEADER TV 
 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

කාදිනල් බැලන්ස් කරන්න රිෂාඩ් අරගෙන : CID එක හත් පොළේ ගාගෙන?

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්