'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත අරලිය ගහ මන්දිරයේ ඊයේ
(04) පැවැති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ගේ රැස්වීම වර්ජනය කරමින්, 'විමල් කණ්ඩායම' විසින් ඉදිරිපත් කළ යෝජනාවට අගමැති මහින්ද රාජපක්ෂගේ එකඟත්වය හිමිව ඇත.
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඊයේ පස්වරු 6.30ට ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණ.
එම රැස්වීම ආරම්භවීමට පෙර පස්වරු 5.30 අරලිගගහ මන්දිරය වෙත ගොස් අගමැතිවරයා හමුවී ඇති ආණ්ඩුව නියෝජනය කරන 'විමල් කණ්ඩායමේ' පක්ෂ නායකයින් 09 දෙනෙකු, 6.30 ට කැඳවා ඇති රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර ඇති නිසා එම රැස්වීමට සහභාගී නොවන බව දැනුම්දී ඇත.
ආණ්ඩු බලය ලබාගැනීමට පෙර 'විජේරාම' නිල නිවසට කැඳවනු ලැබූ පොහොට්ටු පක්ෂයේ ජී. එල්. පිරිස් ද ඇතුළු නියෝජිතයින් ගෙන්ද සමන්විත පක්ෂ නායකයින් පමණක් යළි කැඳවීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දී ඇති එම පක්ෂ නායකයින් එම පක්ෂ නායක කණ්ඩායම යළිත් කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එම යෝජනාව පිළිගෙන ඇති අගමැතිවරයා, 'විජේරාම සාකච්ජා' යළි ආරම්භ කිරීමටත්, එහි පළමු රැස්වීම ලබන 11 දා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමටත් එකඟත්වය පළකර තිබේ.
අගමැතිවරයා සමග පැවති මෙම සාකච්ජාවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස්, අසංක නවරත්න සහ අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයින් සහභාගී වී ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මෙම හමුවට එක්ව නොමැති අතර එම පක්ෂය නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරයි. එසේම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව ඇත්තේ එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහයි.
බැසිල් රාජපක්ෂගේ උපදෙස්මත අප්‍රේල් මස 19 දා කැඳවා තිබු ආණ්ඩුවේ පක්ෂ නියෝජිත රැස්වීම ද බැසිල් විරෝධී 'විමල් කණ්ඩායම' විසින් මෙසේ වර්ජනය කළේය. ඒ, පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයින් නොවන පුද්ගලයන්ටද ආරාධනා කර ඇති බව කියමිනි.
ඊයේ (04) අගමැතිවරයා සමග පැවති සාකච්ජාව සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සඳහන් කළේ, තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව ය .
පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කළේය
ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා දැන්වී යැයි ද හෙතෙම සඳහන් කළේය.
සබැඳි පුවත් :
THE LEADER TV
කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?
කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘