ජනපතිගේ කෘතිම පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය නතර කිරීමේ තීරණයත් සමඟ කෘෂි ද්‍රව්‍ය වෙළඳපළ උඩු යටිකුරු වෙමින් තිබේ.
 
 
 වී සහ අනෙකුත් භෝග වගාවන් සඳහා වූ පොහොර මෙට්ට්‍රික් ටොන් 18000 ක් චීනයෙන් රැගෙන පැමිණි නැවක් හරවා යැවූ බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත.
 
චීනයෙන් ආනයනය කරන ලද වී සහ එළවළු බෝග වගාවන් සඳහා වු පොහොර මෙට්ට්‍රික් ටොන් 18000 රැගෙන ආ නෞකාව හරවා යැවු බවත්, සියලුම බැංකු වලට පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ණයවර ලිපි ( LETTER OF CREDIT) විවෘත නොකරන ලෙසත් රජයෙන් උපදෙස් දී ඇති බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. 
  
මේ තත්ත්වය තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වු පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළඳුන් ඔවුන් සන්තකයේ තිබු බොහෝ තොග හංඟා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  වාර්තා වෙයි.
 
තවද ලකුණු කර ඇති මිලෙන් අනිවාර්යයෙන්ම ගොවියාට 25% 30% ක වට්ටමක් ලැබෙන අතර මේ වන විට සියලුම වට්ටම් නතර කර ලකුණු කර ඇති මිලටම කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බව ගොවීන් විසින් පැමිණිලි කර ඇත. 
 
 
 
තහනම් ව්‍යපෘතියේ නිර්මාතෘ හිමියන් ?
 
ljsdfl
 
පසුගිය යහපාලන රජය සමයේ ග්ලයිපොස්පේට් ආනයනය තහනම් කිරීම නිසා වැවිලි කර්මාන්තය ඇතුළු කෘෂි කර්මාන්තය අර්බුදයකට ගිය අතර විශේෂයෙන් තේ වගාව දැඩි පරිහානියකට ලක් විය. 
 
 යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රී හිමි නමක් වු රතන ස්වාමින් වහන්සේ එම තහනම් ව්‍යපෘතියේ නිර්මාතෘවරයා විය. එම තීරණයත් සමග යහපාලන ආණ්ඩුව ගොවි ජනතාව අතර දැඩි ලෙස අප්‍රසාදයට ලක් වූ  අතර තමන්ගත් තීරණය වෙනස්  කිරීමට යහපාලන රජයට පසුව සිදුවිය.
 
ගොවි සංවිධානය පවසන්නේ අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම පිටුපස සිටින්නේ ද රතන මන්ත්‍රී හිමියන් වියහැකි බවයි. 
 
මෙම තීරණය සමස්ථ ගොවි ජනතාව රජය කෙරෙහි බිඳවීමට හේතුවිය හැකි බව ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද අනතුරු අඟවා තිබේ.
 
ගොවිතැන පිළිබඳව මනා දැනුමක් ඇති ඇමතිවරුන්ගෙන් සමන්විත මුළු කැබිනට් මණ්ඩලයම මෙ‌ම යෝජනාවට සහයෝගය පළකිරීම පුදුමයකට කරුණක් බවත් ජනාධිපතිවරයා ඇන්දවීමට ගන්නා ලද තීරණයක්ද යන්නත්  සැක පහලවෙන බව ඔවුන් පෙන්වා දෙති.
 
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පවතින පොහොර තොග මෙම කන්නය සඳහා ප්‍රමාණවත් බව පැවසුවත් දැනටමත් රජරට ප්‍රදේශයේ පොහොර නොමැතිව වී වගාව සහ වට්ටක්කා වගාව අතර මග නතර වී ඇති බව සිරස මාධ්‍යය පසුගිය දා විකාශය කළ පුවත් වාර්තාවකින් අනාවරණය විය.
 

Mahindananda

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද 

 
  
කෙසේවුවද, ඇමතිවරයා සඳහන් කර ඇත්තේ, ත්‍රිත්ව පොස්පේට් වෙනුවට තනි පොහොරක් ලෙස SINGLE PHOSPATE පොහොර ටොන් ලක්ෂයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කර වී වගාවට ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
 
ස්වාභාවික පොහොර භාවිතයට දීර්ඝ කාලයකින් හෝ මාරු වීමට හැකි වූවත් ආනයනික කෘෂි රසායන ද්‍රව්‍ය සඳහා දේශිය ආදේශකයන් නොමැත.
 
දැනට බොහෝ බීජ වර්ග දෙමුහුන් වර්ගයේ (Hybrid Seeds) වන අතර විශේෂයෙන්ම තක්කාලි, මාළු මිරිස් (BELL PAPER) අර්තාපල්, කොමඩු, බටානා සහ සියලුම ඉංග්‍රීසි එළවළු සඳහා රසායනික පොහොර මෙන්ම කෘමින් මර්ධනය, කොල කොඬ වීම, මුල් උරා බොන කෘමින් සඳහාද වගාවන්ගේ ක්‍රමික වර්දනය සඳහාත් අවශ්‍ය වන විටමින් වර්ග වශයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොවීන් විසින් භාවිතා කරනු ලබයි.
 
පසුගිය වසරේ ජාතික පොහොර කාර්යාංශ යටතේ රජයේ සංස්ථා දෙකක් මඟින් පොහොර ටොන් 574700ක් පමණ ආනයනය කර ඇති අතර පෞද්ගලික අංශ මඟින් පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් ආනයනය කර ඇත.
 
වී සහ එළවළු බෝග වගාවට අමතරව ඉරිඟු, තේ, පොල්, රබර්, පාම් සහා මල් වගාව සඳහාද විශාල වශයෙන් පොහොර භාවිතා කරයි.
 
මේ සම්බන්ධව අප වෙත අදහස දැක් වු නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ ගොවි මහතෙකු සඳහන් කළේ මෙම තීරණය නිසා අගෝස්තු කන්නයේදි විශාල ගොවින් ප්‍රමාණයක් වගාවෙන් ඉවත් වීමට දැනටමත් තීරණය කර ඇති බවයි.
  
ඔහු තව දුරටත් සඳහන් කළේ, එසේ වුවහොත් පූර්ණ කාලීනව සහා අර්ධ කාලීන ගොවිතැනෙන් යැපෙන කම්කරුවන් 50,000 කට ( විශේෂයෙන් වතු කම්කරුවන්) පමණ රැකියා අහිමි විය හැකි බවයි.
 
දැනටමත් ගොවීන් සෑම කන්නයකදීම බැංකුවලට ණය වන අතර කන්නය අතර මගදී පොහොර හෝ රසායන  ද්‍රව්‍ය නැතිවුවහොත් වගා විනාශ වී සදාකාලිකව ණයකරුවන් බවට පත්වීමේ අවධානමක් පවතී. 
 
කෙසේවුවද, කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ, ජනාධිපති සහ කාර්ය සාධක බලකාය වහාම ස්වාභාවික කොම්පෝස් පොහොර භාවිතයට (Organic Compose Fertilizer) මාරුවීම සදහා කඩිනම් සැලසුම් දියත් කර ඇති අතර 2022 - 2023 දී මුළු රටම ස්වාභාවික කොම්පෝස් පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා බවයි.  
  

 


 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්