රජයේ රෝහල්වල රෝහල් අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය අධිකාරි, නියෝජ්‍ය වෛද්‍ය අධිකාරි ආදී පරිපාලන පත්වීම් ලබාදීමේදී අනිවාර්යයෙන් ම සලකා බලන මුලික අධ්‍යාපනික සුදුසුකම් නොසලකා, තම සංගමයේ
වෛද්‍යවරුන්ටත් එම තනතුරු ලබාදිය යුතු බවට මෙරට ප්‍රකට වෛද්‍ය සංගමයකින් ආණ්ඩුවේ බලධාරින්ට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
MBBS (Bachelor of Medicine, Bachelor of Surgery) සමත්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඕනෑම වෛද්‍යවරයකු රජයේ රෝහලක පරිපාලන තනතුරක් ලබාගැනීමේදී Master of Health Administration විභාගය අනිවාර්යයෙන්ම සමත්ව තිබිය යුතුය.
එසේම ඉහල පරිපාලන තනතුරු සඳහා ඕනෑම වෛද්‍යවරයකු MD (Doctor of Medicine in Medical Administration) සමත්ව තිබිය යුතුය. එය සමාන වන්නේ PhD (Doctor of Philosophy) එකකටය.
මිට ඉහත දී මෙම තනතුරු සම්බන්ධයෙන් පැනනැගුන අර්බුදවලදී අධිකරණය හමුවට ගිය අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එබව නියෝගයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත.
එසේ, රජයේ රෝහල්වල පරිපාලන තනතුරු සඳහා MD සමත්ව තිබියයුතු බවට අධිකරණ නියෝගයක් පවා තිබිය දී එම තනතුරුවලට තම සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකුද පත්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවේ බලධාරීන්ට බලපෑම් කිරීම තුළ සෞඛ්‍ය ඇමතිවරිය පවා බලවත් අපහසුතාවයකට පත්ව සිටින බව අප වෙත තොරතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
වෛද්‍ය පරිපාලකයින් පත්කරන ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සූදානමක්!
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන 'වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය', නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට චෝදනා කරයි.
වෛද්‍ය පරිපාලන තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරිනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට සඳහන් කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවද එම සංසදය කියයි.
නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂිත මහජන සෞඛ්‍ය ආයතනවල තනතුරු 18ක් සඳහා පත්කිරීමේදී ප්‍රජා සෞඛ්‍ය පශ්චාත් උපාධිධාරීනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඉතිරි නියෝජන වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත් නිර්දේශ කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ බව ද වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය පවසයි.
වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු !
කෙසේවුවද, මෙවැනි පරිපාලන පත්වීම් අපේක්ෂාවෙන් පසුවන වෛද්‍යවරු පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින නමුත් ඒවා පිරවීමට සෞඛ්‍ය බලධාරීන් උනන්දු නොවන බවයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ තනතුරු සහ රටපුරා රෝහල් ගණනාවක අධ්යක්ෂ තනතුරු පුරප්පාඩු පවතින අතර ඒවායේ කටයුතු කරමින් ඉන්නේ වැඩබලන අධ්‍යක්ෂවරුන්ය.
###############
THE LEADER TV
අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!
ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්!