විහිළුවකින් රජවෙච්ච් සුබ දොරටුපාලයා ලෙසම මෙරට ඉතිහාසයේ ද බොහෝදෙනෙක් රජවී ඇත්තේ, විහිළුවලින් බවත්, මේ ඓතිහාසික උරුමය අප විසින් පවත්වාගෙන යන බවත් පුරාවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. 
 
පරම්පරාවෙන් පරම්පරාවට රාජ්‍ය පාලනය හිමිවීම රටක සංවර්ධනයට හිතකර නොවන බවද ඔහු අවධාරණය කර සිටියි.
 
මහාචාර්ය රාජ් සෝමදේව එබව පවසන්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ NU1 Vlog නාලිකාව වෙනුවෙන් කළ ප්‍රශ්න කිරිමකදීය.
 
''ඕන කෙනෙක්ට සාධාරණ ප්‍රශ්නයක් නැගෙනවනේ මේ වගේ විහිළුවකින් රජවෙච්ච් දොරටුපාලයෙක්ට, ඒ කාලේ තියෙන ඕක්කොම දේවල් සමනය කරන්න, දැන් අපි දන්නවා අපේ සංඝයා වහන්සේලා කොයි ආකාරයෙන්ද රාජ්‍යට බලපෑම් කළේ, දුටුගැමුණු  රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලම අපි ඒක දැක්කනේ, ඉතින් ඒවත් හරියට බැලන්ස් කරගෙන අනිත් දේවලුත් හරියට බැලන්ස් කරගෙන දොරටුපාලයෙක්ට පුළුවන්ද අවුරුදු හතක් රජකම් කරන්න කියන ප්‍රශ්නය මට නම් ඇති වෙනවා '' යයි එම වැඩසටහනේදී නුවන් ජූඩ් ලියනගේ මතුකළ අදහසට ප්‍රතිචාර දක්වන පුරාවිද්‍යා මහචාර්යවරයා මෙසේ පවසයි.
 
 
''මම හිතන්නේ මේ ඓතිහාසික උරුමය තමයි මේ යන්නේ.''
 
''ඒක ලොකු ප්‍රශ්නයකුත් නෙවෙයි නේ, ආපස්සට හැරිලා බැලුවහම නේද ? අපේ දේශපාලන ඉතිහාසයේ මට හිතෙන්නේ නැහැ ඒ තරම් ලොකු ප්‍රශ්නයක් කියලා ඒක. අපිට එච්චර ගානක් නැහැ.
 
 මම හිතන්නේ මේ ඓතිහාසික උරුමය තමයි මේ යන්නේ. 
 
ඔබ කිව්වා විහිළුවලින් රජ වෙච්ච කෙනෙක්ට මෙච්චර කල් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් විහිළුවලින්නේ රජ වෙන්නේ ඔක්කොම ඉතින්. ඒ නිසා මම හිතන්නේ නැහැ එතන ඒ තරම් ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා. 
 
මොකද මේ විහිළු කරලා විහිළු ඉවර වෙනවනේ, ඊට පස්සෙ තව කට්ටියක් ඇවිල්ලා විහිළු කරනවා. හිනාවෙලා ඊට පස්සේ අඬනවා. විහිළුවල රඟ කොහොමද කියනවා නම් හිනාවෙන් පටන් අරන් කඳුළු එනතුරු අඬනවා ඒ විහිළුවට...''
 
 

 
පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමය කඩපු දාක වෙන දේ...!!
 
 
 
 
පරම්පරාවෙන් පරම්පරාවට යන රාජ්‍ය උරුමය ගැන අදහස් දක්වන මහාචාර්ය රාජ් සෝමදේව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පවසන්නේ, රාජ්‍යත්වය පිළිබඳ අනුපිළිවෙල, ඒ කියන්නේ උරුමය බිඳ දමා අලුතෙන් කෙනෙකු පාලකයා වුවිටෙක, එවැන්නකු වඩාත් ප්‍රතිභාපූර්ණ පාලකයෙක් බවට පරිවර්ථනය වන බවයි. 
ඔහු එම කාරණය තව දුරටත් මෙසේ පැහැදිලි කරයි.
 
'' රාජ්‍යටත් රාජ්‍ය උරුමයක් කියලා එකක් තියෙනවනේ, ඒ කියන්නේ රජෙක් පවුලට ඥාතීත්වයක් තියෙන්න ඕනේ කියලා කියනවනේ
 
 
- දරුවට එහෙම නැත්නම් සහෝදරයට යන ක්‍රමයක් තිබ්බනේ.
 
 
ඔව්, ඒක කොයිතරම් අහිතකර ක්‍රමයක්ද කියලා අපට පේනවනේ, තාත්තගෙන් පුතාට බලය යන එක. දැන් ඒක අපි තාම උත්සාහ කරනවනේ ඒ ක්‍රමය නඩත්තු කරගෙන ගෙනියන්න.
 
 පවුලේ අයට සහෝදරයන්ට බලය යන එක. 
 
ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙවෙයි හොඳ පුරුද්දක් නෙවෙයි.  
 
නුවන් මම ඉදිරියේදී කියන්න තිබ්ච්ච එකක් මේ දැන් මතක් කරන්නේ.
 
අපට ඉතිහාසයේ පේන එක ගම්‍යතාවයක් තියෙනවා. මොකක්ද ඒ ගම්‍යතාව. අර රාජ්‍යත්වය පිළිබඳ අනුපිළිවෙල, ඒ කියන්නේ උරුමය. ඒ උරුමය කඩලා අලුතෙන් කෙනෙක් ආවම එයා තමයි හුඟාක්ම ප්‍රතිභාපූර්ණ පාලකයෙක් බවට පරිවර්ථනය වෙන්නේ. 
 
අපේ ඉතිහාසයේ ඒ ගම්‍යතාවය දකින්න තියෙනවා..''
 

 
 
 
 
 

 
 
###############
THE LEADER TV 

අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!

 

ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්