ලබන විසි වැනි දා නීතිපති ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිත දප්පුල ද ලිවේරා,
අනතුරුව පෞද්ගලික නීතිඥයකු ලෙස නීතිඥ සේවාවට එක්වී අධිකරණයේ හමුවේ පෙනී සිටීමට තීන්දු කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති නීතිඥ නීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබු බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
එහෙත්, ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුයේ, එම ධුරය බාර ගැනීම නීතිපතිවරයා විසින් ප්රතික්ෂෙප කර ඇති බවයි.
තමන්ට එම ධුරය ලබා දීම ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවත් ඔහු සදහන් කර ඇත.
හිටපු නීතිපතිවරයකු වන ජනාධිපති නීතිඥ තිලක් මාරපන විශ්‍රාම ගැනීමෙන් පසු නීතිඥ සේවාවට සම්බන්ධවී පසුව අමාත්‍යවරයකු ලෙස දේශපාලනය එක්විය.
සංජය රාජරත්නම් වැඩ බැලීමට
නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම ගැනීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.
සංජය රාජරත්නම් මෙම ධූරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීම හේතුවෙනි.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තීය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ල විමෙන්ය.
ඒ, අනුව සංජය රාජරත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද වාර්තා වේ.
THE LEADER TV
කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!
චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA