දශක තුන හමාරකට ඉහතදී වෙඩි තබා ඝාතනය කරන ලද,
ටෙලෝ සංවිධානයේ හිටපු සභාපතිවරයාගේ තිස් පස් වන ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ.
 
හිටපු ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම් ඝාතනයට ලක් වු යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදී අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා එම ගුණානුස්මරණය පවත්වා ඇත්තේ ටෙලෝ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයෙහී නියෝජිතයන්ගේ සහභාගීත්වයෙනි.
 
නිරෝධායන නීති කඩ නොකරමින් සැමරුම පවත්වන ලෙස එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
" පනහක් හැටක් එකතු කරන්න බෑනේ. මීටර් එක හමාරක් දුරින් ඉන්න කියලා තියෙන්නේ.  ඔගොල්ලෝ වැඩේ නවත්වන්න එපා ඔගොල්ලෝ වැඩේ ඉවරකරලා යන්න. ගැටලුවක් නැ. ඉන්න එපා මෙතන. එතකොට මටත් ප්‍රශ්නයක්නේ. ඉන්න එපා . විසි පහකට වැඩිය මල ගෙදරත් ඉන්න එපා කියනවා. එතකොට හිතා ගන්නකෝ ඉතින්  තේරුනාද?  " පොලිස් නිලධාරියෙක් උපදෙස් දෙන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.
 
ඝාතනයට ලක් වු ශ්‍රී සභාරත්නම්ගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දක්වා ඔහුට ගෞරව දැක්වීමට ටෙලෝ පක්ෂයේ නායකයන් කටයුතු කර තිබුනි.
 
එම අවස්ථාවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහදාරලිංගම්, පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් හා හිටපු පළාත් සභා සහ ප්‍රදේශිය සභා නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව තිබේ.
 
telo
 
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයෙහී නායක සභාරත්නම් 1986 මැයි 05 වැනිදා යාපනය කෝපායි ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුනි.
 
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ල වී තිබේ.
 
 

 

 


 

THE LEADER TV

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්