ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක වහාම ක්‍රියාත්මකවන පරිදි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

 
ඔහු එසේ පත්කර ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහාය. 
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පසුගිය ආණ්ඩුව සමයේදී, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991ක් සාවද්‍ය හා සාපරාධී පරිහරණය ඇතුළු අධි චෝදනා යටතේ ගොනුකර තිබු නඩුවේ සැකකරුවකු ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල වෛද්‍ය නිහාල් ජයතිලක ද රිමාන්ඩ් බාරයට ද පත්ව සිටියේය. 
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහාම වෛද්‍ය නිහාල් ජයතිලක, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ අතර ඔහු එම තනතුරේ වැඩ බාරගනු ලැබුවේ 2019 වසරේ දෙසැම්බර් 26 වෙනිදාය.
 
 
 
ආදී ආනන්දියකුට තවත් අවස්ථාවක් !
 
 
 
ජාතික රූපවාහිනි සංස්ථාව මේවනවිට ආර්ථික වශයෙන් අන්තයටම වැටි ඇති තත්ත්වයක් තුළ, වෛද්‍ය නිහාල් ජයතිලක ඉවත්වීමෙන් පුරප්පාඩුවන සභාපති ධුරයට සුදුසු පුද්ගලයකු පත්කර ගැනීම සඳහා මේවනවිට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂගේ විශේෂ අවධානයක් යොමුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
එම තනතුර ලබාගැනීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් කිහිප දෙනෙකුම දැනටමත් කැන්වසින් අරඹා ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.
 
කෙසේවුවද 'ද ලීඩර්' වෙත වාර්තා වන්නේ යෝජනා වී ඇති නම් අතරින් දෙදෙනෙකු කෙරෙහි බැසිල් රාජපක්ෂගේ විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.
 
 
 

 

 


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image