ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් සිව් දෙනෙක්
පසු ගිය අප්‍රේල් මාසයේදී එක් දිනයක හෝ පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වී නොමැති බව හෙළි වී තිබේ.  
 
Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබෙන පරිදි ඔවුන් අතරින් දෙදෙනෙක් සිංහල ජනතා නියෝජිතයන් වන අතර අනෙක් දෙදෙනා දෙමළ ජනතා නියෝජිතයෝ වෙති.
 
2021 අප්‍රේල් මස තුළදී පාර්ලිමේන්තුව පැවැත්වු දින ගණන 09 කි.
 
ඒ අප්‍රේල් 5, අප්‍රේල් 6, අප්‍රේල් 7, අප්‍රේල් 8, අප්‍රේල් 9, අප්‍රේල් 20, අප්‍රේල් 21, අප්‍රේල් 22, අප්‍රේල් 23  ආදී වශයෙනි.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම ජනතා නියෝජිතයා වන රාජවරෝදයම් සම්පන්දන් සහ පලනි දිගම්බරන් යන   මන්ත්‍රීවරු දෙදෙනා පසුගිය අප්‍රේල් මාසයේදී එක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වී නොමැත.
 
අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකද 2021 අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවේ කිසිදු රැස්වීමකට පැමිණ නොමැති බව Manthri.lk වෙබ් අඩවිය වැඩි දුරටත් සදහන් කරයි.
 
වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් 224 දෙනා අතුරින් අප්‍රේල් මාසයේදී වැඩිම පිරිසක් පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වී ඇත්තේ අප්‍රේල් 21 දිනයි. ජනතා නියෝජිතයන් 190 දෙනෙක් එදින පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර නොපැමිණි ගණන 34 කි.

 

E0nUs8kVkAQHUKc


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්