ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත.
 
මෙම දරැ උපත සිදුවී ඇත්තේ අද (08) අලුයම ඇමරිකා එක්සත් ජනපදයේ දී ය. 
 
මනෝජ් හා සෙවුවන්දි යුවලට දරුවන් නොමැතිවීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයින් පසුගිය කාලයේ අවඥාවෙන් යුතුව ප්‍රකාශ සිදුකර ඇති බවට සමාජ මාධ්‍යය හි පලවී තිබිණ.
 

සිය එකම පුතා පියකුවන අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපතිවරයා සිය බිරිඳ සමග ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට් පත් පවා වෙන්කර ගනිමින් ඒ සඳහා සියලු කටයුතු සුදානම් කරගෙන තිබුන ද, ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදී සිටින කොවිඩ් 19 අනතුරුදායක තත්වය තුළ තමන් වෙත පැවරී ඇති වගකීම සලකා බලා අවසන් මොහොතේ දී ඔහු එම සංචාරය අවලංගු කළ බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

ඒ අනුව ජනාධිපති බිරිඳ අනෝමා රාජපක්ෂ පමණක් මිට දින කිහිපයකට පෙර ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.

මනොජ් හා සෙවුවන්දි යුවලට අපේ උණුසුම් සුබපැතුම්.

 

 


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්