මෙරටට පැමිණ ගාල්ලේ ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින
ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොවිඩ් ආසාදිත වී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර තිබේ.
 
මොවුන් ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වන බව වාර්තා වෙයි.
 
ආසාදිත කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි වන අතර දියණියන් තිදෙනා අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් ය.
 
ඉකුත් 5 වනදින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇත.
 
මොවුන් අප්‍රියල් 30වන දින මෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණයවි තිබේ.
 
ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරට ගුවන්තොටුපළවලින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගෙන ඇත. 

 

 


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්