ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් වූ අජිත් වත්තුහේවා මහතා

අද දින සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.

මියයන විට 55වන වියේ පසුවු අජිත් වත්තුහේවා 2014 දී වණිජ මණ්ඩල සම්මේලනයේ සභාපතිධූරයට පත්වූයේ ප්‍රාදේශීය වාණිජ මණ්ඩලයකින් එම තනතුරට පත්වූ ප්‍රථමයා ලෙසය.

එසේම ඌව පළාත් වාණිජ මණ්ඩලයේ ආරම්භකයා වූ එතුමා එහි සභාපති ධූරයද වසර ගනනාවක් හොබවා ඇත.

2015 වසරේදී කොලඹ වාණිජ මණ්ඩලය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ වත්තුහේවා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාර්ක් කලාපීය කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ ජේෂ්ඨ උපසභාපති ධූරය ද දරා ඇත.

ඌව පළාත ආශ්‍රිත ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වූ වත්තුහේවා මහතා 1996 වසරේ ඌව පළාත් විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙසද සම්මාන දිනාගනු ලැබූවෙකි.

වත්තුහේවා මහතාගේ අවසාන කටයුතු පිළිබදව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

 


 

THE LEADER TV

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

ලොකුගේට ඇක්ෂන් එකක් නොගත්ත එකනම් නෝන්ඩි 'ස'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්