ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව
සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
 පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මකවේ.
 
ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් සඳහා මෙම නියෝගය බලපැවැත්වේ.
 
මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව ඇති අතර අදාළ පොල් තෙල් බහාලුම් රැගෙන යෑම සඳහා නෞකාවක් ඊයේ රාත්‍රීයේ කොළඹ වරායට ළගාවී තිබිණ.
 
IMG 2006
 
මේ අතර ශ්‍රී ලංකාවේ පොල් තෙල් නිෂ්පාදනය කරන හා ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු අද දින ජිවිතක්ෂයට පත්ව ඇත. 
 
එසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමේ හිමිකරු නන්දන එදිරිසිංහ ය. 

 

 

 


 

THE LEADER TV

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

ලොකුගේට ඇක්ෂන් එකක් නොගත්ත එකනම් නෝන්ඩි 'ස'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්