අයුතු බලපෑම් හා නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය
මුළුමනින්ම අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පසුගිය සමයේ මෙරටට ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබාදුන් අවස්ථාවේ දී ප්‍රමුඛතාවය හිමි වූයේ කොරෝනා මර්දන කටයුතු වල පළමු පෙල  නිරත සෞඛ්‍ය අංශ කාර්‍ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසටයි. බස්නාහිර ආශ්‍රිත සාමාන්‍ය ජනතාවට එන්නත් හිමිවුයේ ඉන් අනතුරුවය.
 
 
 
ඇස්ට්‍රාසෙනිකා එන්නත් හිඟයක් !
 
කෙසේවුවද, මේ වන විට පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලබාදීමේ බරපතල ගැටළුවක් මතුව ඇත. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත් බරපතල හිඟයක් පැවතීමයි.
 
ඉන්දියාවේ කොරෝනා තත්ත්වය බරපතළ වීම සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ත්‍රාසෙනෙකා එන්නත නිශ්පාදනය කල සීරම් සමාගමේ අර්බුදයක් මතුව තිබීම හේතුවෙන් එම එන්නතේ හිඟය පියවා ගැනීම මෙරටට දුෂ්කර වී ඇත. 
 
එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පලමු මාත්‍රාව ලබාදුන් පාර්ශව වෙත දෙවැනි මාත්‍රාව  වෙනුවට දියහැකි විකල්පයක් ද මෙතෙක් නිර්දේශ වී නොමැත. 
 
 Lalith Vaccine 
 ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.
  
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයට පමණක් නොව ඉන්දියාවටත්  එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කර සිටියි.
 
ඇස්ට්‍රාසෙනිකා දෙවන එන්නත් දේශපාලන හා හිතමිත්‍රකම් මත ලබාදීම සිදුවන්නේ එවැනි වටපිටාවක් තුලය.
 
 
 
අප්‍රසන්න වැඩක් ! 
 
එහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ, ඊයේ දිනයේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සිය කාර්යාලයේදී ඔහුගේ හිතවතුන් විශාල පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කර තිබීමයි.
  
 ඒ අතර කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී නොසිටි ඉහළ පැලැන්තියේ ප්‍රභුන් 100 කට ආසන්න පිරිසක් වැලිකඩ බන්ධනාගාරය තුලට ගොස් සිරකරුවන්ට ලබා දීමට වෙන්කර තිබූ එන්නත් ලබාගෙන ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍යයන් පවා වාර්තා කර තිබේ.
 
25252
 
මැයි මස 5 සහ 6 දෙදින මෙම ප්‍රභු පිරිස වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණ හොර රහසේ  එන්නත ලබාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කර සිටියි.
 
මේ වන විට රට පුරා එන්නත් හිගයක් මතුව ඇති මොහොතක මෙවන් පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කරයි.
 
තෝරාගත් පිටස්තර ප්‍රභූ පිරිසකට මෙලෙස එන්නත ලබා දුන්නේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කර සිටින අතර මේ ආකාරයට  බන්ධනාගාර රෝහලේ දී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පිරිසගේ නම් හෙළිකරගෙන නැතත් පරීක්ෂණයක් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් ඇතැයි ද පවසයි.
 

 
 
 
දුප්පතු කපා දමා VIP පෝලිමක්…
 
 
 
මේ අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසන්නේ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනීයගේ නිවසේ කොරෝනා එන්නත්කරණයක් පෙරේදා දිනයේ සිදු කල බවයි. 
 
උන්වහන්සේ සඳහන් කරන්නේ එහිදී එන්නත්කරනය කරන ලද්දේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පිට සිටි පිරිසක් නොව ප්‍රභූ හිතවතුන් පිරිසක් බවයි.
 
කොළඹ නගර සභාවේ එන්නත් කරන වැඩපිළිවෙල සිදුවන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරියක් හා ඇයගේ මවට උවමනා ලෙස බවත් උන්වහන්සේ කියා සිටියාය.
 
dfgdfsg
 
 
 
 
පෞද්ගලික රෝහල් දෙකක් හිතමිත්‍ර සංග්‍රහයේ ! 
 
දෙවැනි මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමේ පදනමින් ඊට මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් දෙකක සහය ගැනීමට රජයේ බලධාරීන් ක්‍රියා කර ඇති බව වාර්තා වන්නේ එවැනි පසුබිමකය.
 
වාර්තා වන ආකාරයට අදාළ පෞද්ගලික රෝහල් දෙකෙහි පරිපාලනය රාජපක්ෂ පවුල සමග ඉතා සමීප සම්බන්ධතා ඇති ආයතන දෙකකි. 
 
වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ එම පෞද්ගලික රෝහල් දෙක ද ප්‍රමුඛතා ලයිස්තු උල්ලංඝනය කර එහි පරිපාලකයින්ගේ සමීපතම ඥාතීන් හා හිතවතුන් පිරිසකට එන්නත්කරන කටයුතු සිදුකර ඇති බව වාර්තා වීමයි.
 
 
 
පහල උසාවිවල විනිසුරන් අවුලක ?
  
ඒ සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආශ්‍රිත අර්බුදය තවදුරටත් ව්‍යාප්ත වෙමින් අධිකරණ පද්ධතිය තුළත් අර්බුදයක් ඇති කර ඇත.
 
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හා ඊට අදාළ කාර්ය මණ්ඩල වෙත එන්නත්කරණය සිදුකර ඇති නමුත් මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණය පද්ධතිය වෙත එන්නත් කරන කටයුතු සිදුනොකිරීම හේතුවෙනි.
 
තවද යුද හමුදා රෝහල ආශ්‍රිතව දියත් කර ඇති එන්නත්කරණ කටයුතු ද අර්බුදයට ගොස් ඇති බවත් වාර්තා වේ.
යුද හමුදා රෝහල ආශ්‍රිත එන්නත්කරණ ක්‍රියාවලිය දියත්වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමති වරුන්ද  ඇතුලත්වයි.
 
නමුත් මේ වන විට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක් රාජ්‍ය අමාත්‍යවරයකු සිය පවුලේ සමීපතම පාර්ශව 20ක් වෙත හමුදා රෝහල හරහා එන්නත්කරණය සිදුකරගෙන ඇති බවයි.
 
 
තවද යුද  හමුදාවේ ඉහළ තානාන්තරයක් හොබවන අයෙකුගේ බිරිඳක් විසින් තමන්‍ට පමණක් නොව තම යෙහෙළියන් සහ ඔවුන්ගේ සමීපතමයින් වෙත එන්නත් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
 
මෙසේ ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් එන්නත් පෝලිමෙන් පිට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග බලවත් සේ කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ. 
 

 

 

 


 

THE LEADER TV

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

ලොකුගේට ඇක්ෂන් එකක් නොගත්ත එකනම් නෝන්ඩි 'ස'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්