පාම්තෙල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර මාසයක් ගත වන දිනයේ,
එනම් 2021 මැයි 06 දා ආනයන සහ අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න ගේ අත්සනින් තවත් නියෝගයක් නිකුත් කර තිබේ.
 
මේ වන විට සමාජයේ මහත් කතාබහට ලක් වී ඇති ශ්‍රී ලාංකීය සමස්ථ ගොවි ජනතාවටම බලපාන රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කරමින් ශ්‍රී ලංකා රේගුවට සහ වාණිජ බැංකුවට එම නියෝගය නිකුත් කර ඇත.
 
රෙගුලාසි, අංක සහ පනත් පිළිබඳ සඳහන් නොකලත් සරල භාෂාවෙන් කිවහොත් ගොවිතැනට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන ඒම එම නියෝගය මගින් මැයි 06 දා සිට තහනම් කර තිබේ. 
  
එපමණක් නොව, ණයවර ලිපි නිකුත් කිරීමත්, විවෘත කරන ලද ණයවර ලිපිවලට මුදල් නොගෙවන ලෙසත් වාණිජ බැංකුවලට දැනුම්දී ඇති බව මෙම නියෝගයේම සඳහන් වේ.
 
එම නියෝගය අදාළ වන්නේ 2021 මැයි 06 දායින් පසුව වුවද,  ඊට පෙර නිකුත් කරන ලද ණයවර ලිපි සම්බන්ධයෙන් හෝ ඊට පෙර පිටරටින් ආනයනය කරන ද්‍රව්‍ය කිසිවක් සම්බන්ධයෙන් පියවර ගැනීම රේගුව හා බැංකු විසින් මගහරිමින් සිටින බව වාර්තාවේ. කෙටියෙන් සඳහන් කළහොත්  06 දා පෙර නැවට පටවා නැව්භාරපත් සහ ඉන්වොයිස් ඇති කිසිවක් දැන් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් නොකරයි.
  
ඒ, අදාල නියෝගවල 06 දායින් පසුව යයි සඳහන් වුවත් නියෝගයට ඇති බය නිසා කිසිවක් නිදහස් නොකරන බව අදාල ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු අප වෙත පැවසිය.
 
 
 
 

2021 05 08 page 001

2021 05 08 page 002

2021 05 08 page 003

2021 05 08 page 004
 
  2021 05 08 page 005
ආනයන සහ අපනයන පාලක ජනරාල්වරියගේ නියෝගය 

 

 

අගමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය

 Gazette No 222648 page 001

Gazette No 222648 page 002

Gazette No 222648 page 003

Gazette No 222648 page 004

Gazette No 222648 page 005

Gazette No 222648 page 006

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්