මව්වරුන් වඳ භාවයට පත් කර ඇතැයි 'දිවයින' පුවත්පත හා අන්තවාදීන් පිරිසක් විසින් ගෙනගිය කුප්‍රකට මාධ්‍ය මෙහෙයුම පාදක කර ගනිමින් ගොනු කළ චෝදනා යටතේ
අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහමඞ් සාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (25) පස්වරුවේ තීන්දු කළේය. රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත එසේ නිදහස් කරනු ලැබිය.
මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදීය.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුනු දක්වමින් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සී අයි ඩී යට ලැබුණු පැමිණිලි 615 අතරින් වඳභාවය සම්බන්ධයෙන් සැකයක් සහිත පැමිණිලි සංඛ්‍යාව 147ක් පමණක් වන බවත්, සෙසු පැමිණිලි සිසේරියන් සැත්කමින් පසුව නැවත දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොඉක්මවූ මව්වරු විසින් සිදුකළ ඒවා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය.
මුදල් විශුද්ධිකරණයත් බොරු කතාවක් !
වෛද්‍ය ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බවද වන්ද්‍යකරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණ සිදුකරගෙන යන බවද සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.
එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙසයි.
එමෙන්ම ඉකුත් ජුනි මස 27 වන දින පැවති නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝපටවල පිටපත් සී අයි ඩී යට ලබාදෙන ලෙස දෙරණ හා හිරු මාධ්‍ය ආයතන වෙත නියෝගයක් කරන ලෙසද අධිකරණයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් දෙකටම අධිකරණය අවසර ලබා දුන්නේය.
විත්තිකරු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට විත්තිකාර වෛද්‍ය ෂාෆි දැඩි තුවාල සිදුකිරීමේ වරද යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන වගන්තිය ප්‍රකාරව රඳවාගෙන සිටින අතර එය ඇප ලබාදිය හැකි වරදක් බැවින් විත්තිකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහැරියහොත් මව්වරුන්ට විවිධ බලපෑම් එල්ල කර මුදල් ලබාදී විමර්ශන කටයුතු අඩපණ කිරීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට තමන් විරුද්ධ බවද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් සඳහන් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් යළිත් වරක් නීතිපතිවරයාගේ මතය විමසා සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විමර්ශනවල කරුණුවලට අනුව ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි. ඒ අනුව විත්තිකරුට ඇප ලබා ලබා දුන්නේය.
වෛද්‍ය සාෆිට මෙලෙස ඇප හිමිවූයේ මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතරුවය.
සබැඳි පුවත් :
සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා -02
සාෆිට එරෙහි අවනඩුව: රහස් පොලිසියෙන් විනිසුරුට එරෙහිව පැමිණිල්ලක් !
සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරු බලපෑම් කරලා !
සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!
සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්
සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!
වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න
වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි
වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !
වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !
වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!
වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි
වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !
මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !
'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා
වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ
මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව
'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න
'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!
වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව
දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා
'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්