ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය ගැන වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිතික හා අගැයීම් පිලිබඳ ආයතනයෙන් බිය ජනක අනාවැකියක් ප්‍රකාශයට පත්කර තිබේ.
 
 
ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) – the University of Washington) සතු covid19.healthdata.org වෙබ් අඩවියේ ලංකාවේ කොවිඩ් වසංගත අර්බූදය සම්බන්ධ ඉදිරි ප්‍රක්ශේපනය ඇස් ඇරෙන සහ බිය ගැන්වෙන සුළුය.
 
සිය විශ්ලේෂනයන් පදනම වන ක්‍රම විධි පිළිබඳව එම වෙඩ් අඩවිය තොරතරු සඳහන් කරයි.
 
එකී වෙබ් අඩවිය සිය විශ්ලේෂණයන් නොමිලයේ ලබා දෙන අතර එය දක්වන්නේ ලොව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහායවීම එහි අපේක්ෂාව බවයි.
 
මෙම අනාවැකි එළෙසින්ම යථාර්තයක් වනු ඇතැයි කීම මෙම ලිපියෙහි අදහස නොවන අතර ඉන් කැරෙන්නේ ඇතිවිය හැකි භයානත තත්වය ගැන දැනුවත් කිරීමක්  පමණි. මෙරටින් අසන්නට ලැබෙන තොරතුර අප විසින් පෙන්නුම් කරන්නේ පැහැදිළිවම රටෙහි උග්‍ර සෞඛ්‍ය අර්බූදයක් පවතින බවයි.
  
පසුගිය දිනක කොවිඩි අසාදිතව රෝහලක් සොයා ගිය ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයකුට පැය තුනක් රාගම රොහලෙහි සිටගෙන සිටීමට සිදුව තිබේ. 
 
නවලෝක රෝහල් පිරී ඇති බැවින් එය මගින් පාලනය වන හෝටලයක ඔහු නතර කිරීමට නම් රුපියල් 175,000 තැන්පත් කරන ලෙස දන්වා තිබේ. 
 
 අවසානයේදී ඔහුට රෝහල් ඇදක් ලැබී ඇත්තේ ඇමැතිවරු දෙදනෙකුගේ මැදිහත්විම මතය. එක් ඇමැතිවරයකු ඔහුට කියා ඇත්තේ තමා නතරවී සිටි කොග්ගල හෝටලයෙහි නතරවීමට පහසුකම් ඇති බවයි. නමුත් එම හෝටලය දන්වා ඇත්තේ ගිලන් රථයකින් මිස එහි පැමීණිමට ඉඩ දිය නොහැකි බවයි.
 
රටපුරාම රෝහල් පිරී ඉතිරි යමින් පවතින බව අද රහසක් නොවේ. මෙම තත්වය යටතේ රට වසා නොදැමීම මගින් රාජපක්ෂවරැන් කරන්නේ මහා අපරාධයකට මඟ සැළසීමය.
 
covid 
 
ඉහත කි වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුල සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලඟාවේ.
 
 ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ශේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි.. එය පරාසයක් ලෙස 21,124ත් 129,270ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.
 
මුව ආවරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්තභාවය නොසලකා හැරීම්, සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මග හැරීම්, එන්නත් කිරීම් පසුගාමී වීම් වැනි ”නරකම තත්වයක්” තුල දෛනික රෝගීන් වර්ධනය ජුනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත.
 
 උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජුනි අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්ථාවනු ඇත.. එහි උපරිම අගය ජුනි මැද භාගයේ වාර්ථා වේ. එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313ත් 188,015ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.
 
එහි දැක්වෙන ප්‍රක්ශේපන ප්‍රස්තාරය අනුව අද දිනය (මැයි 09) තුල අළුතින් ආසාදනය වන නව රෝගීන් සංඛ්‍යාව 41,690 කි.. එය ගණනය කිරීමට යොදා ගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත.
 දෛනික පරික්ෂා කිරීම්වලදී රට තුල බිහිවන නව ආසාදිතයන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි.
 
ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකිය. භයානක තත්වය එයයි.
 
ලංකාව තුල ඉදිරී මාස දෙක තුල සිදු විය හැකියැයි ප්‍රක්ශේපිත කොවිඩ් මරණ සංඛ්‍යාවද බිහිසුණුය.
 
සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාවේ උපරිමය ලෙස කොවිඩ් මරණ 260ක් හරියටම ජුනි මස මැදදී එක් දිනයක් තුල වාර්ථා වීමට ඒ අනුව ඉඩ ඇති අතර ඉහත කී නරකම තත්ව යටතේ එම අගය එක් දිනයක් තුල මරණ 360 දක්වා ජුනි අග වන විට වර්ධනය විය හැකිය.
 
 
 Daily Deaths 
 
ඉහත ප්‍රක්ශේපන අනුව දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ අගෝස්තු මාසය නිම වන විට මෙරට කොවිඩ් මරණ 20,000කට වඩා වාර්ථා විය හැකිය. ඉතා නරක තත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්මවීමේ අවධානමක් පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත.
 
ඒ අනුව සෞඛ්‍යාරක්ෂක උපදෙස් නිසි ලෙස පිලිපැදීමෙන් හා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමෙන් නිසි පියවර ගැනීමෙන් සිදුවීමට නියමිත යැයි ප්‍රක්ශේපිත ජීවිත අහිමි වීම් දෙකකින් එකක් තරමි විශාල ප්‍රමාණයක් වලක්වා ගත හැකි බව ප්‍රස්ථාර අධ්‍යයනයේදී පෙනී යයි.
 
 
 
අදාල වෙබ් අඩවියට පිවිසීම සඳහා : 
 
 
 
(Wishwa Chinthana FB සටහනක් ද ඇසුරිනි.)
 
 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්