රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන්
විවිධ පාර්ශවයන් ගෙන් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර,  සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රජය ගත් මෙම තීරණයෙන් එළවළු ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණපා ඇති බවයි.
 

 
 
ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට රජය සතුව නිසි වැඩපිළිවෙලක් නොමැති බවට ද ඔහු චෝදනා කළේය.
 

 
 
පොහොර නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත් ගොවීන් කිහිපදෙනෙකු 'නෙත් නිවුස්' වෙත අදහස් පළ කර තිබුනේ මෙලෙසය.  
 

 
මේ අතර ඊයේ (09) සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවූ  'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසූරිය, රසායනික පොහොර එක්වරම තහනම් කිරීමට රජය ගත් තීරණය වැනි ජාතික වශයෙන් ඉතා වැදගත් වන්නා වූ කරුණු කාරණා වලදී රටක් ලෙස අප තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ පොදු සම්මුතියට පිහිටා සිටිමින් බව සඳහන් කළේය.
 
රසායනික පොහොර හා රසායනික කෘමිනාශක සම්පූර්ණ වශයෙන් නැවැත්වීම සඳහා රජය ගත් තීරණයද අධීක්ෂණ කාරක සභාවක් සඳහා යොමුකිරීම ඉතා යෝග්‍ය බව අපගේ විශ්වාසයයි යයි ඔහු කියා සිටියේය.
 

Karu Jayasuriya'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති 

 
''මෙවැනි තීන්දු තීරණ ගතයුත්තේ ඊට අදාළ සෑම අංශයන් පිළිබඳවම ඉතාමත්ම ගැඹුරින් කරුණු කාරණා සොයා බලමිනි. පරිසරයේ ආරක්ෂාව, ජන ජීවිතයේ ආරක්ෂාව, රටේ ආහාර සුරක්ෂතතාවය, ගොවිජනතාවගේ ජීවන තත්වය පිළිබඳව මෙන්ම රටේ සමස්ත පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳවද එහිදී සළකා බැලිය යුතුව තිබේ.
 
 රටක් වශයෙන් අප බරපතල තීන්දු තීරණ ගතයුත්තේ එවැනි සියළු කරුණු කාරණා ගැඹුරින් සමාලෝචනය කරමිනි. කොම්පෝස්ට් පොහොර පාවිච්චිය ප්‍රචලිත කිරීම ගැන කිසිවෙකු විරුද්ධ නැත. මා පසුගියදා 1297 දෙනෙකු සහභාගී වූ අන්තර්ජාලය හරහා සිදුකෙරුණු සම්මන්ත්‍රණයක දී ඒ පිළිබඳව ඉදිරිපත් වූ අදහස් යෝජනා පිළිබඳව සවන් දුනිමි. එහි සියලු දෙනාගේ මතය වූයේ එය ඉතා හොද අදහසක් වුවත් අවුරුදු කිහිපයක් යනතුරු එය ක්‍රියාත්මක කිරීම අපහසු බවයි. 
  
ගොවි රජවරුන්, එළවලු, තේ, රබර්, පොල් වගාකරුවාද මේ මතයේ දැඩිව සිටින බව පැහැදිළිය. අද වනවිට මේ රටේ බොහෝ ප්‍රදේශ වල මතුවෙමින් තිබෙන ගොවිජනතාවගේ විරෝධතාවයන් මඟින් පෙන්නුම් කරන්නේ එම යතාර්ථයයි.  '' හිටපු කතානායකවරයා තවදුරටත් පැවසිය.
 
එහෙයින් මාස කිහිපයක් මෙවැනි යෝජනාවන් අධීක්ෂණ කාරක සභාවන් හරහා දීර්ඝ අධ්‍යනයකට ලක්කිරීමෙන් සුහදව හා යථාර්තවාදීව මෙම ගැටලුවලට විසඳුම් ලබාගත හැකි බව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියේය. 
 
 
 
අලුත් ගැසට් නිවේදනයක් !
 
 agrochemicals
 
රසායනික පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් ද බලවත් විරෝධයක් මතුකර තිබිණ.
 
ඒ අනුව මේ මොහොතක පූර්ණ වශයෙන් එම තහනම ක්‍රියාත්මක නොකොට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි වලට අනුව මැයි මස 6 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍යයන් ගෙන ඒමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න පවසන්නේ, කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය පූර්ව අනුමැතියකින් පසුව ගෙන්වීමට අවසර ලබා දෙන බවයි. 
 
අදාළ කර්මාන්තවල අවශ්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
 
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දමයන්ති කරුණාරත්න,
 
“මේ වන විටත් ඇතැම් පොහොර, කෘමිනාශක වර්ග ආනයනයට යටත් කරලා තිබුණේ ආනයන ආනයන පාලන පනත යටතේ. එයින් ආවරණය නොවුණ කාණ්ඩයන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා අනෙක් අදාළ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරලා ඒවා හඳුනාගෙන සම්පූර්ණයෙන් ම තහනම් කරා. ඒ හැර අනෙකුත් සියලුම හඳුනාගත් රසායනික ද්‍රව්‍ය ආනයන පාලනයට යටත් කරලා තියෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තයට මේ පොහොර හෝ රසායනික ද්‍රව්‍ය කෘමිනාශක යොදා ගන්න බෑ. නමුත් වෙනත් කර්මාන්තයක් සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් වේ නම් ඒ බව තහවුරු කර ගෙන අවශ්‍ය ප්‍රමාණයට අනුව ආනයන බලපත්‍ර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබනවා.“ පැවසුවාය. 
 
රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ මොහොතක නැවත රජය ගෙන තිබෙන මෙම තීරණයත් සමඟ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් ව්‍යාකූලත්වයකට පත් වී ඇති බව වාර්තා වේ.
 
  
සබැඳි පුවත් :
 
 
 
 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්