ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට
කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණය බලාපොරොත්තු විය හැකි යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය (The Institute for Health Metrics and Evaluation (IHME) – the University of Washington) සඳහන් කර තිබෙන බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
වොෂින්ටන් විශ්ව විද්‍යාලය අවධාරණය කරන  කරුණ ගැන මෙරට බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු අතර වසංගතය පාලනය කිරීම සඳහා පැහැදිළි විසඳුම නොදුන්නොත් ශ්‍රී ලංකාවට මාරාන්තික තත්ත්වයට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද මංගල සමරවීර සඳහන් කරයි.
 
වොෂින්ටන් විශ්ව විද්‍යාලය නිකුත් කර ඇති කොරෝනා සම්බන්ධ වාර්තාව ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් කොරෝනා තත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මෙසේද පැවසීය.
 
''ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වර්තමාන ගෝලීය තත්ත්වය ගැන ඉතා ගැඹුරින් සොයා බලා වාර්තාවක් නිකුත් කර ඇත.
 
කොරෝනා වසංගතය නිසා ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති තත්ත්වයන් එම වාර්තාවෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එම වාර්තාව සඳහන් කර තිබෙන කරුණු ගැන රජය සහ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුය.
 
වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අදාළ වාර්තාවෙන් කාරණා විශාල ප්‍රමාණයක් ගැන අවධානය යොමුකර ඇතත් ඔවුන් පෙන්වා දෙන වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට හෙවත් තවත් මාස හතරකින් කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බවයි.
 
එවැනි තත්ත්වයකට මුහුණ දීමට රටට කිසිම සූදානමක් නැති බව මේ වන විට පැහැදිලි වන අතර එවැනි මාරාන්තික තත්ත්වයක් නිර්මාණය වීම නතර කිරීම සඳහා රජය තවමත් ප්‍රමාද නැති බව මගේ විශ්වාසයයි.''
 
(ලංකාදීප)
 
 
 
මුලාශ්‍රය :
 

 

සබැඳි පුවත් 
 

 


THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්