ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ
ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක පත් කර තිබේ .
 
පසුගියදා රැස්වූ පොදුජන පෙරමුණේ තරුණ විධායක සභාව ගත් තීරණය අනුව මෙම පත්කිරීම් සිදු කර ඇති ඇත.
 
මිට පෙර එම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමයි. 
 
මේ අනුව, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ප්‍රධාන තනතුරු දෙකම දකුණට හිමිව ඇති අතර රාජපක්ෂ පවුලේ අනාගත බලාපොරොත්තුව ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ යටතේ දේශපාලනික වශයෙන් හැදී වැදුන නිපුණ රණවකයි.
 
මෙම තනතුරු මාරුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ විධායක සභික කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් පළකර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.
 
 
'ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ හැමදාම තරුණයි.'
 
 1ab33a91 c9bf 4a87 9cda 61caf0274346
 
ලංකාවේ වයසින් අඩුම, ජනබලයෙන් විශාලම තරුණ සංවිධානය ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණයි. 2015 ආරම්භ වූ දැවැන්ත දේශපාලන මර්ධනය හමුවේ, මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන දැක්මෙන් සහ බැසිල් රාජපක්ෂයන්ගේ සංවිධාන ශක්තියෙන් නූතනවාදී දේශපාලන පක්ෂයක් බිහිවීමට කටයුතු සූදානම් වනවිට, රට පුරා විසිරී සිටින උගත්, ක්‍රියාශීලී සහ දේශප්‍රේමි තරුණ තරුණියන් එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩ නැගීය. 
 
නාමල් රාජපක්ෂ තරුණ දේශපාලන ක්‍රියාධරයා ඊට ජාතික නායකත්වය ලබාදුන්නේ ජනබලය කොළඹට, ආණ්ඩුවිරෝධී පාගමන මෙන්ම දහසකට අධික දේශපාලන රැස්වීම් සහ සංවාද සංවිධානය කරමිනි. 
 
බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නිර්මාතෘවරයා මේ තරුණ නායකයන්ට දුන්නේ එක් ඔවදනකි. ඒ 'වෙනස්ව සිතන්න බිය නොවන' ලෙසයි. 
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පළමු මැතිවරණය, පලාත් පාලන චන්දයටම වාර්තාගත තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරවූ අපේ පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් සමගින් ලංකාවේ දේශපාලනය නව මානයකට යොමු කරවීය. 
 
දිලුම් අමුණුගම තරුණ මන්ත්‍රීවරයා ඉන්පසු තරුණ පෙරමුණට නායකත්වය දුන්නේ ලංකාවේ අංක එකේ තරුණ මනාපය බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරමිනි. 
 
අද ලංකාවේ වැඩිම තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යදූර රැසක්ද සමගයි. 
 
තාරුණ්‍යය පිළිබද පක්ෂ නායකත්වය තැබූ විශ්වාසය මතින් අන් කිසිදු දේශපාලන සංවිධානයක් නොකල මට්ටමේ බලගැන්වීමක් පොදුජන තරුණ පෙරමුණට ලබාදුන්නේ රජයේ අමාත්‍යංශ ලේකම්වරු, සභාපතිවරු, අධ්‍යක්ෂකවරු වැනි භාරදූර රාජකාරී රාශියක් ඔවුන්ට ලබාදෙමිනි. 
 
අන් සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන වලට මනා ආදර්ශයක් සපයමින්, පසුගියදා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අලුත් තරුණ කණ්ඩායමකට භාරදුන්නේය. 
 
ඒ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සහ පාම නිපුණ රණවක සොයුරන්ටය. දේශපාලනය ගතිකය. තරුණ අපේක්ෂාවන් ඊටත් වඩා වේගයෙන් වෙනස්වෙයි. 
 
ඒ අලුත් අපේක්ෂාවන්, සෞභාග්‍යයමත් රටක හයිය බවට පත්කරන්නට අවශ්‍ය හයිය, අපේ අලුත් කණ්ඩායමට ලැබේවා! 
 
 
MilindaRමිලින්ද රාජපක්ෂ
කොළඹ නාගරික මන්ත්‍රී 

 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්