මෝටර් රථයක ගමන්ගත් දරුවකුගේ ගෙල මිරිකා තර්ජනය කර වාහනයක් පැහැර ගැනීමට
තැත් කළ ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක සීසර්වරුන් සොයා මීගමුව පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.
වාහනේ නොදුන්නොත් තම දරුවා මරා දමන බවට දරුවාගේ ගෙල මිරිකා තර්ජනය කළ බවට වාහන හිමිකරු මීගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.
වාහන හිමිකරු බිරිඳ හා දරු දෙදෙනා සමග යන විට අතරමගදී වාහනය නවතා වාහනය පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.
වාහනය පැහැර ගැනීමට තැත් කළ සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා පැවසීය.
(අරුණ)
THE LEADER TV
එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!
යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !