ශ්‍රී ලංකාවේ පොල් තෙල් නිෂ්පාදනය කරන හා ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු
පෙරේදා (08) දිනයේ ජිවිතක්ෂයට පත්ව ඇත. එසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමේ හිමිකරු නන්දන ජයසිංහ (එදිරිසිංහ) යි.
අප වෙත වාර්තා වන අන්දමට ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් 19 අසාදනයෙන් පසුව සුවය ලබා නිවසට පැමිණ දින කිහිපයකට පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
පිරිපහදු නොකරන ලද (CRUDE PALM OIL) පොල්තෙල් වල තිබිය යුතු ප්‍රමාණයට වඩා ඇෆ්ලාටොක්සින් නමැති විෂකාරකය පොල් තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට ද චෝදනා එල්ලවී තිබිණ.
ඔහුගේ හදිසි මරණයෙන් පසු පිටකොටුවේ ප්‍රධාන තොග වෙළඳ ව්‍යාපාරිකයෙක් පවසා සිටියේ, නන්දන එදිරිසිංහගේ අකල් මරණයට මාධ්‍ය වගකිව යුතු බවයි. පසුගිය සති කිහිපයේ මාධ්‍ය විසින් ඔහුව නොමරා මැරූ බවට ඔහු චෝදනා කර සිටියේය.
නන්දන එදිරිසිංහ පසුගිය දින කිහිපයේ වඩාත්ම කනස්සල්ලට පත්ව සිටියේ ඔහුගෙන් උදව් උපකාර ලැබූ මාධ්‍යවේදියෙක් වීඩියෝ හරහා ඔහුට පහරදීම සම්බන්ධයෙන් බවද එම ව්‍යාපාරිකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ව්‍යාපාරික නන්දන එදිරිසිංහගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද විවිධාකාරයේ අදහස් පලවී ඇති අතර එවැනි එක් සටහනක මෙසේ සඳහන් වේ.
''මේ මරණය තවත් මාධ්‍ය ගොදුරක්''
පිටකොටුවේ තෙල් තොග වෙළඳාමේ නියැලුණු නන්දන ජයසිංහ (එදිරිසිංහ) මහත්තයා මිය ගිහින්.
මේ ආරංචිය දැනගත්තේ පෙරේදා සවස. සමාජ මාධ්‍යය වලත් ඒගැන වාර්තා පලවෙලා තිබුනා.
කොරෝනා වලින් දෙස් විදෙස්වල දැවැන්ත මිනිසුන් ක්ෂණයකින් ඇද වැටෙන මේවගේ කාලෙක පිටකොටුව වැනි තැනක තොග වෙළඳාම් කරපු නන්දන මහත්තයා වගේ කෙනෙක් ගැන සටහනක් තියන්න කාලය වැය කල යුතුද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්...
එත්, එදිරිසිංහ මහත්තයා යයි කවුරුත් දැනහඳුනාගෙන හිටපු මේ නිහතමානි මනුස්සයා ගැන සටහනක් තැබිය යුතුම යැයි අපගේ හෘද සාක්ෂිය හඬා වැළපුණේ නන්දන මහත්තයට අපේ සමාජයෙන් වෙච්ච බරපතල වරදක් සුලු වශයෙන් කාරී නිවැරැදි කරන්නයි.
නන්දන මහත්තයා මිය ගියේ කොවිඩ් -19 වැළඳී දින දහයකට පසුව.
මියයනවිට ඔහු කොවිඩ් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවවී සිටියා. එම රෝගය නිසා උත්සන්න වූ වෙනත් රෝග ඔහුගේ හදිසි මරනයට හේතු වෙලා.
පවුලේ හිතවතුන් කියන විදියට ඔහු බොහෝ සංකූලතාවයන්ට මුහුණ දී හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා නිවසේදීම මිය ගිහින්..
අප විසින් සමාජයේ අවධානය සඳහා මතු කරන කාරණය, ඔහු තොග වෙළෙන්ඳෙක් වීමවත්, ශ්‍රි ලංකාවේ පොල්තෙල් සහ පාම්තෙල් පිරිපහදු කරන කර්මාන්තශාලාවක අයිතිකරුවකු වීම නිසාවත්, නිහඬව ආගමික කටයුතු සඳහා මහගු දායකත්වයක් ලබා දී ඇති නිසාවත්, ඔහු ඒ පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කර ඇති පුද්ගලයෙක් නිසාවත් නොවේ.
එදිරිසිංහ වැනි නිහඬ පුද්ගලයෙකුට කෙටි කාලයක් තුළදි මරණය දක්වා යාමට දෛවය විසින් මං පෑදුවේ මන්ද යන්නම ප්රශ්ණාර්ථය යි.
ශ්‍රි ලාංකීය පොල්තෙල් සහ පාම්තෙල් ව්‍යාපාරය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය.
පසුගිය කාලයේදී ආනයනික පාම්තෙල් සහ පොල්තෙල් ආනයනකරුවන් ඉලක්ක කරගෙන රටතුළ ක්‍රියාත්මක වු දුෂ්ඨ ප්‍රචාරණ ව්‍යාපාරයේ ගොදුරක් බවට ඔහුවත් පත්වුනා.
2021 වර්ෂයේ ආරම්භ වන්නේම සියලු කරදර එදිරිසිංහ මහත්තය වෙත ඉලක්ක කර ගනිමින්.
ඔහු විසින් ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද ( CRUDE PALM OIL) පොල්තෙල් වල තිබිය යුතු ප්‍රමාණයට වඩා ඇෆ්ලාටොක්සින් නමැති විෂකාරකය තිබුන කියලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වරාය ආහාර ඒකකයෙන් සොයාගෙන ඒ බව මාධ්‍යය වෙත නිකුත් කිරීමත් එක්ක ඔහුගේ ව්‍යාපාරයේ නම සෑම මාධ්‍යයකටම හොඳ කට ගැස්මක් වුනා.
එවැනි තත්ත්වයක් තුළ එදිරිසිංහ එඩිබල් ඔයිල් ( EDIBLE OIL) සමාගම පසුගිය කාලයේදී දිනපතා මාධ්‍යයේ ගොදුරක් බවට පත් වුනා. මේ නිසාම ඔහු දැඩි කලකිරීමට සහා ආතතියට පත් වී සිටියා.
පිරිපහදු නොකරන ආනනය කරන ලද තෙල් පිරිපහදු කර නැවත පරික්ෂාවට ලක්කරනවා වෙනුවට ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බව රේගුව නියෝග කළා. ඔහු සම්පුර්ණයෙන්ම එම නියෝගයට එකඟ ව කටයුතු කළා. ඔහු ඒ සියලුම පොල් තෙල් ප්‍රතිඅපනය කළා.
ආනයනය කරන ලද තෙල්වල කුමන හෝ විෂ ද්‍රව්‍යයක් අඩංගුවීම ආනනයකරු දැනුවත්ව කරන වරදක් නෙමෙයි. එය අපනයනයකරු අතින් සිදුවන වරදක් බව අප සමාජයේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි වූ කාරණයක්.
අවසානයේදී මත්කුඩු ආනයනය කල අයකුට සලකන ආකාරයට ඔහුට රේගු පරික්ෂණ වලටත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයන් සදහාත් දිනපතා යාමට සිදු වුනා.
එනිසා පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර වුනා. සේවකයන් 50කට පමණ රැකියාව අහිමි වුනා. පිරිපහදුව සීල්තැබූවා. ඔහුගේ ව්‍යාපාරය එතනින් නතර වුනා.
ඔහු සමාජයට මහත් හානියක් කල පුද්ගලයකු වශයෙන් මාධ්‍යය විසින් දං ගෙඩියට ගෙන ගියා. ඔහුගෙන් ආධාර උපකාර ගත්තු කිසිම දේශපාලඥයෙක් මේ මනුස්සයා වෙනුවෙන් වචනයකින් හරි සහයෝගයක් ලබා දුන්නේ නැහැ.
ඒ මේ සමාජේ හැටි.. නන්දන ජයසිංහ මහත්තයා කියන්නේ හිත හොඳ මනුස්සයෙක්.
නන්දන ජයසිංහ මහත්තයට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු.''
මේ මරණයට වග කිව යුතු අමනයින් ?
මෙම ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පලවී ඇති තවත් සටහනක මෙසේ සඳහන් වේ.
"එදිරිසිංහ oil mill හිමිකරු වයස අවුරුදු 58 යි. හෘදයාබාධයකින් පෙරේදා මිය ගියා.
ඔහුගේ පොල් තෙල් වල aflatoxin අධික ප්‍රමාණයක් ඇතැයි බොරු වාර්තාවක් දී මුළු රටම ඉදිරියේ හෑල්ලු කලේ අදාල නිලධාරීන්.
ඔහුට analysis reports වලට එරෙහිව challenge කිරීමට අළුස්ථාවක් නොදී CID එකට ගෙනගියා. නිර්දෝෂ මිනීසාට මෙය දරා ගත නොහැකිව පපුව පෑලී මිය ගියා.
අදාල නිලධාරීන්, ජඩ මාධ්‍යය, ජඩ social media හරහා ඔහුට ගැරහූ උගත්, නූගත් අමනයින් මේ මරණයට වග කිව යුතුයි...''
THE LEADER TV
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවධානක් - වොෂින්ටයෙන් අනාවැකියක් !
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?