# ලෝක සෞඛ්‍ය සංවිධානය පුවත ප්‍රතික්ෂේප කරයි.
# නව ජනාධිපති මාධ්‍ය අංශයේ පළමු මෙහෙයුමම ෆේල් ! 
චීනයේ නිෂ්පාදිත සයිනොපර්ම් (Sinopharm) කොවිඩ් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO -World Health Organization) අවධාරණය කර සිටියි.
 
සයිනොපර්ම් එන්නතට ලෝක සෞඛ්‍ය‍‍ සංවිධානයේ  අනුමැතිව ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා බවට  ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් ලෝකයටම ප්‍රකාශ කරමින් ඊයේ එනම් 10 වනදා නිකුත්කර තිබු නිවේදනය සම්බන්ධයෙන් 'ඩේලි මිරර්' පුවත්පත විසින් කල විමසීමකට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහත ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇත.
 
එන්නත් ලයිස්තුගත කිරීම සාමාන්‍යයෙන් ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය එම පුවත්පතට පවසා ඇත. 
 
සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.
 
කෙසේ වෙතත් මෙම සියලුම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල් වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.
 
 
 
 
 
කෙසේවුවද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිකුත් කළ ප්‍රකාශයේ ‌මෙසේ සඳහන් විය. 
 
 
''මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ.
 
කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.
 
ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.
 
“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග  කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.''
 
 
 

 
 
චීන එන්නත එම සතිය අගදී එනම් 06 වන සිකුරාදා වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව පසුගිය 04 අගහරුවාදා  'ශ්‍රි ලංකා බ්‍රීෆ්' වාර්තාකර තිබුනේ මෙසේය.
 
“අවශ්‍ය තොරතුරු චීන රජය විසින් ලබා දුන්හොත් මේ සතිය අගවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සයිනොපර්ම් එන්නත අනුමත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. රුසියානු ස්පුට්නික් එන්නත ලබන ජුලි මාසය දක්වා අනුමත නොකෙරනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.”
 
ඒ වන විටත් සයිනොපර්ම් අනුමැතිය තිබුණේ අතළඟය.
 
ජනාධිපතිවරයා පවසන පරිදි මේ අනුමැතිය ලැබුණේ ඔහු නිසා නම් සයිනොපර්ම් භාවිත කරන තුර්කිය, හංගේරියාව, ඉන්දුනීසියාව වැනි රටවල් නායකයින්ට එම තීන්දුව කලින් ලබා ගැනීමට බැරි වූයේ මන්ද?
 
 
 
ජනාධිපති රාජපක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් (Dr Tedros Adhanom Ghebreyesus) සමඟ කතා කළේ සිකුරාදාය. ඒ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂනික කමිටුව සයිනොපර්ම් එන්නතට අනුමැතිය ලබා දීමට තීරණය කර තිබුණි.  ඒ අනුව මේ සම්බන්ධයෙන් තමා මැදිහත්වූ බවට රාජපක්ෂ කරන ප්‍රකාශය අමූලික බොරුවක් බව 'ශ්‍රි ලංකා බ්‍රීෆ්' ඊයේ (10) රාත්‍රීයේ ම අවධාරණය කර තිබිණ. 
 
 
 
 
ලෝක සෞඛ්‍ය‍‍  සංවිධානයේ විශේෂඥ කමිටුව පසුගිය අප්‍රේල් 24වනදා සිට සයිනොපර්ම් එන්නත පිළිබද අගැයීම්හි  නිරතව සිටි බව රොයිටර් පුවත් සේවය ද පසුගිය 04දා ප්‍රකාශ කළේය.
 
එදිනම ලෝත සෞඛ්‍ය‍‍ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද කොවිඩ් එන්නත් අගැයීම් පිළිබද පහත සඳහන් වගුව ඉතා පැහැදිළිව සඳහන් කරන්නේ මැයි මුලදී සයිනොපර්ම් එන්නත පිළිබද අගැයීම සම්පූර්ණ කරන බවයි.
 
 
 WHO 2021.05.11
 
(උපුටා ගැනීම - srilankabrief.org)
 
 
 
ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය සත්‍යයක් නම් ලෝක සෞඛ්‍ය‍‍ ය සංවිධාන ප්‍රධානියා චීන ගැත්තකු බවට කැරෙන චෝදනා තවදුරටත් ශක්තිමත් වීමට ඉඩ තිබෙන බව 'ශ්‍රි ලංකා බ්‍රීෆ්' පෙන්වාදෙයි.
 
 
 මන්ද යත් එම ප්‍රකාශයෙන් පෙනෙන්නේ විද්‍යාත්මක හේතු උඩ නොව චීන හිතවාදි රාජ්‍ය නායකයකු වන රාජපක්ෂගේ ඉල්ලීම උඩ ඔහු විසින් මෙම අනුමත කිරීම කරන ලද බවයි.
 
 
 
 
 
 
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිකුත් කළ ප්‍රකාශය
 
 
 
 
 
 
###############
 
 
 
 

                                          THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්