මේවනවිට දිවයිනට පැමිණ සිටින බුරුමයේ තානාපති ධුරන්දර මහාචාර්ය නලින් ද සිල්වාට ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ආරාධනය කර සිටියි.
මෙම ආරාධනය සිදුකර ඇත්තේ, අජිත් අමරසිංහ, නිලුපුල් පෙරේරා සහ මහේෂ් හරිස්චන්ද්‍ර යන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාය.
මහාචාර්යවරයා විසින් පසුගිය වසර තිස්පහ තිස්සේ ප්‍රචලිත කල මතවාදයෙහි ඇති හානිකර හා අසත්‍ය බව ඔප්පුකිරීමට විවාදයකට පැමිණෙන ලෙස මෙම විශේෂඥ වෛද්‍යවරුන් විසින් පළමු ආරාධනා කර තිබුනේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය.
අනතුරුව එම වෛද්‍යවරුන් තිදෙනා සිය කාරනා කරුණු තහවුරු කිරීම සඳහා ලිපි දහයක්ද පුවත්පත් වල පළකර තිබිණ.
''එතුමා මේ දිනවල ලංකාවට සැපත්ව ඇති බව අප හට සැලවී ඇත. එම නිසා අප යෝජනා කල විවාදයට එළඹෙන ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු. විවාදයේ මාතෘකාව සහ අනෙක් තාක්ෂණික විස්තර එතුමා විවාදයට එකඟ වූ විට අපහට සාකච්ඡා කළහැක. අපගේ මේ ආරාධනාව කාරුණිකව පිළිගන්නා මෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටිමු.'' යයි එම විශේෂඥයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති ආරාධනයේ සඳහන් වේ.
කියවන්න :
###############
THE LEADER TV
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !