අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
 
 
එසේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16)  රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කෙරිණි.
 
455 1
455 2
 
නමුත් සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල තම කටයුතු සඳහා නිවෙසින් එක් සාමාජිකයෙක් ට පිටතට යා හැකිය.
 
සංචරණ සීමා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හි දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව පොලීසිය පවසයි.
 
ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ නම් (0, 2, 4, 6, 8) ඉරට්ටේ දිනයකදී ද හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් (1, 3, 5, 7, 9)  ඔත්තේ දිනයකදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා එක් අයෙකුට පමණක් නිවසින් බැහැරට යා හැකිය. 
 
පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී පමණක් විදෙස්ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකි බවය.
 
එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
  
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“උදාහරණයක් ලෙස අද දිනය මැයි මාසයේ 12 වනදා. අද දිනයේ දී ගමන් කළ හැකි වන්නේ තමන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය 2,4,6 හෝ 8 සඳහන්ව ඇති පුද්ලගයින්ට පමණයි. හෙට 13 වන දිනයේ දී ගමන් කළ හැකි වන්නේ හැඳුනුම්පතේ 1,3,5,7 හෝ 9 ඇති අයට පමණයි. බින්දුව නැමති අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක ගමන් කළ හැකියි.“
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි ව තිබේ.
 
 
 
මැයි 31 තෙක් නව මාර්ගෝපදේශ මාලාවක්
 Train covid
 
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක වන මාර්ගෝපදේශයන් සංශෝදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
අද (12) සිට මැයි 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන් මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇත.
 
 
මංගල උත්සව අත්හිටුවයි 
 
මෙහි සඳහන් ආකාරයට විවාහ මංගල උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය සිදු කළ හැක.
 
 
 
අවසන් කටයුතු පැය 24 න්,
 
අවමංගල කටයුතු සිදු කිරීමේ දී මෘත දේහය රෝහලින් මුදා හැර පැය 24 ක් තුළ  උපරිම පුද්ගලයන් 15ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු කළ යුතුවේ.
 
දිනකදී නිවසකින් පිටවීමට අවසර ඇත්තේ ඒක් පුද්ගලයෙකුට පමණක් වන අතර, ඒය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ හැඳුනුම් පතේ අවසන් ඉලක්කම මතයි.
 
පෞද්ගලික කුලී රථ සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව කාර් හා ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇත. සෙසු වර්ගවල වාහන සඳහා ආසන ධාරීතාව දක්වා සීමා කර ඇත.
 

 


 THE LEADER TV 

 
 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්