එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග
එමගින්  පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ.
 
පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගැනෙන බැවින් එහි අනතුර වැඩි වී ඇත.
 
සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව දැනුම් දී තිබුනි.
 
කෝවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළඹීම කාලෝචිත සහ අගය කළ යුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතා පසුගාමී තත්වයක සිටින බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.
 
 
රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමත් සමග ශ්‍රී ලංකාවේ රියදුරු බලපත් හිමිකරුවන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂක හමුදා වෙත ලබා ගැනීමේ සැලසුම සම්බන්ධයෙන්ද සිවිල් ක්‍රියාධරයන් මීට ඉහතදී ආණ්ඩුවට චෝදනා එල්ල කර  තිබුනි.  
  
ආරක්ෂක ලේකම් වරයා මීට ඉහතදී  ප්‍රකාශ කර තිබු පරිදි කොරෝනා රෝගය හා සම්බන්ධ පුද්ගලයන් සැම දෙනාගේම දත්ත ඔහුගේ ජංගම දුරකතනයේ ගබඩා කර ඇත.
 
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ ඩිජිටල් සෞඛ්‍යයේදී රෝගීන්ගේ හෝ සෞඛ්‍ය සේවාව ලබාගන්නා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට බොහෝ රටවල විවිධ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වී ඇති බවයි.
 
ඔහු පවසන පරිදි ඇමරිකානු පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් Health Insurance Portability and Accountability Act නොහොත් HIPAA යනුවෙන්වූ වගවීම් පනතක්  හඳුන්වා දී ඇත.
 
rajivයුරෝපා සමූහයේ පොදු දත්ත ආරක්ෂණ රෙගුලාසිය (GDPR)  මගින් පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළු අනෙකුත් දත්ත සදහා වගවීමක් සිදු කරනු ලැබේ.
  
ඉන්දියාවේද සෞඛ්‍ය සත්කාර දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කර ඇති බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පෙන්වා දෙයි.  
 
දත්ත ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුව මගින් අනුමත නොවී ඇති අවස්ථාවක එන්නත් කරණය සදහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම නොදුරු අනාගතයේදී ඇතිවිය හැකි අනතුරකට අත වැනීමක් වියහැකි බැවින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රථම ජනතාවගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් සම්පාදනය කළයුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට දන්වා සිටි.
 
 
 
මීළඟ පරම්පරාවේ අපේක්ෂාව
 
සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද පසුගියදා පවසා තිබුනි.
 
 NR
"ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි." නාමල් අමාත්‍යවරයා පවසයි.
 
 
එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව ඔහු සදහන් කර තිබුනි.
 
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කර තිබු නිවේදනයක සදහන්ව තිබුනේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂිත බවයි.
 
"ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි." එම නිවේදනයේ  වැඩි දුරටත් සඳහන්ව තිබුනි.

 

 


 

 

 THE LEADER TV 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්