රජයේ යුතුකම හා මුලික වගකීම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
රජයේ බලධාරීන් වෙත අවධාරණය කර සිටියි.
 
ආර්ථිකයට වන හානිය දෙවනුව ගොඩනැගිය හැකිබව ඔහු පෙන්වාදෙයි.
 
''මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.''
 
ඔහු එබව සඳහන් කර සිටියේ, කොවිඩ් -19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද දින (14) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
හිටපු අගමැතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.
  118428511 gettyimages 1215124320 170667a
''ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා''
 
  
''කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර ('black fungus') කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කලා. ඒ නිවේදනය අනුව ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.
  
අපි තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අපේ රටේ එන්නත් හිගයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. 
 
ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා.
 
ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. 
 
ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. 
 
කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්.
 
 
 

THE LEADER TV 

 

ස'ගේ මිතුරන් නිසා පවිත්‍රාට ඇමතිකමත් එපා වෙලා!‍

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්