ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ප්‍රතිකාර ගැනීමට තරම් කිසිඳු රෝගයක් නොතිබුන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
 
“එතුමාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් තිබුනේ නැහැ. ඊයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට තිබුණේ නැහැ.” යයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, ඊයේ (13) දිනයේ මාධ්‍යවේදීන් කළ විමසීමකදීය. 
 
ජනාධිපතිවරයා විසින් කොරෝනා මර්ධන මෙහෙයුමේ මුලිකම වගකීම පවරා ඇති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පසුගිය 12 වෙනදා හදිසියේම විදේශගත වූයේ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා දැයි මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා අවධාරණය කර සිටියේ, බැසිල් රාජපක්ෂ විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බවයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පවසා සිටියේ, බැසිල් රාජපක්ෂ සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවයි.
 
නමුත් බැසිල් රාජපක්ෂගේ වැඩිමල් සොයුරු චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉඟි කරනු ලැබුවේ බැසිල් රාජපක්‍ෂ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගත වූ බවයි. 
 
 බැසිල් රාජපක්‍ෂ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගත වූ බව පළමු වරට මාධ්‍යවෙත කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයාය.
 
 
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවක මෙසේ සඳහන් ව  තිබිණ.
 
 dfdf

 
sxdfgsd

 

 

 

 


 

THE LEADER TV 

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්