වසංගත සමයේ මුහුදු මගින් රට හැර දමා යෑමට උත්සාහ කළ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්
උපන් බිමේම රඳවා ගන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
 
ශ්‍රී ලාංකික පිරිස විදේශ ගතවන්නට ගිය බව නාවික බලධාරීන් පවසන්නේ රට තුලට අනවසරයෙන් ඇතුල් වන්නට විදේශිකයන් උත්සාහ කරන බවට ආරක්ෂක අංශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටියදීය.
 
මැයි 14 සිකුරාදා ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කර ඇත්තේ, අනවසරයෙන්  මුහුදු මගින් මෙරටින්  විදෙස් රටකට  සංක්‍රමණය වීමට සුදානම් වන  බවට සැක කොට ශ්‍රී ලාංකිකයන් තිස් දෙනකු හලාවත, සමිදුගම ප්‍රදේශයේ 2021 මැයි මස 13 සහ 14 දෙදින තුල  අත්අඩංගුවට ගත් බවයි.
 
නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 මැයි මස 13 වන දින හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම්ව සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් 14 දෙනකු, ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් නිවසක හිමිකරුවකුද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
 
 fdgfdg 
 
පසුව අද දින නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හලාවත පොලීසියේද සහය ඇතිව සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුමමේදී, අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැකකෙරෙන මෙම ජාවරමට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද 30 දෙනා යාපනය, මඩකළපුව, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචි පිරිමින් බවට හදුනා ගෙන තිබේ.
 
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් නිවේදනය කර ඇත.
 
345tdfg
 
මෙරට දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ බලදාරීන් කිහිප දෙනෙකුම පසුගියදා අනතුරු අගවා තිබුනේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිරෙන බැවින් ඉන්දියානු ජාතිකයන් අනවසරයෙන් මෙරටට ඇතුළු විය හැකි බවයි.
 
පසුගියදා මන්නාරමේදී ධීවර යාත්‍රා 11ක් සමග අල්ලා ගන්නා ලද ධීවරයන් 86 දෙනකු ආපසු ඉන්දියාවට භාර දෙමින් නාවික හමුදාව පවසා තිබුනේ ඔවුන් “මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන” පුද්ගලයන් බවයි.
 
යාපනයේ  කොරෝනා වෛරසය පැතිර යෑමට ඉන්දියානු ධීවරයන් හේතු වෙතැ’යි යාපනයේ යුද හමුදා  අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා  විසින් කරන ලද  ප්‍රකාශය "ජාතිවාදී සහ සාවද්‍ය” ප්‍රකාශයක් ලෙස හෙලා දකින මෙන් තමිල්නාඩු ධීවරයන් අලුතින් පත්වූ ප්‍රාන්ත ආණ්ඩුවෙන් පසුගියදා  ඉල්ලා තිබුනි.
 

 

 


 

THE LEADER TV 

 

ස'ගේ මිතුරන් නිසා පවිත්‍රාට ඇමතිකමත් එපා වෙලා!‍

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්