ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමේ මීළඟ ජනාධීපති අපේක්ෂකත්වයට සුදුස්සන් ලෙස නම් කර ඇතැයි කියන පුද්ගලයන් පස්දෙනා අතරින් සිව්දෙනෙකුගේ නම් මොනවාදැයි විවිධ තැන්වලදී එම කණ්ඩායමේ

සාමාජිකයන් සාකච්ඡා කර ඇතත්, යෝජිත නම් අතරින් එක් නාමයක් ප්‍රකාශයට පත් නොකර ඉතා තදින් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සිටින බවත් ඒ ශිරන්ති රාපක්ෂගේ නම විය හැකි බවට මත පළ වී තිබෙන බවත් සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර පැවති රැස්වීමකදී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුස්සන් පස් දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණි. ඒ අතරින් එක නමක් මහින්ද රාජපක්ෂ තෝරා ගත යුතු බවට එකඟ වී තිබුණි.

මීට පෙර සිටම ප්‍රසිද්ධියේ කතාබහට ලක්ව ඇති පුද්ගල නාමයන් වන ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන හා කුමාර වෙල්ගම ඒ අතර සිටින බව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතාබස්වලදී කියැවී ඇත.

ඉහත කී නම් හතරම දැඩි එකඟතාවයකින් රහසක් ලෙස ආරක්ෂා කරගත යුතු නොවන, ජනාධීපති අපේක්ෂකත්වයට අදාළව සමාජයේ කතාබහට ලක්වී ඇති පුද්ගලයන්ගේ නම් වන නිසා, දැඩි එකඟතාවයට හේතුව පස්වැනි පුද්ගල නාමය විය හැකි බව ඉහත රැස්වීමට සහභාගි නොවූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

එම පස්වැනියා ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රවරුන් වැඩි පිරිසක් අනුමාන කරන්නේ විපක්ෂ නායක මහින්ද රජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂයි.''

මහින්ද කියපු හතරබීරි කතාව

එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) සම්මේලනය පවත්වා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ අනුව අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම්දීමේ වගකීම විපක්ෂ නායකවරයා වෙත පවරා ඇත.

Mahinda talks 

එසේ තිබිය දී ජුලි 21දා කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි ජනපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවක් තමන් පවසා නොමැති බවයි.

ගෝඨා නම් කරන්නේ උණුසුම තියාගන්න ලු !

ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි බව තහවුරු වී තිබියදී ඔහු වටා පෙළ ගැසී සිටින ජාතිවාදී බලවේග ඒ දක්වා උණුසුම්ව ක්‍රියාකාරීව තබාගැනීමේ අරමුණින් ඔහුගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි ද 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඒ අනුව වෙනස් අයෙකු ඉදිරිපත් කිරීමටත් එහිදී ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වීම අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමෙරිකානු රජය අතර සිදුවූ කුමන්ත්‍රණයකින් සිදුවූවක් බවට ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

නාමල් රජ කරවීමේ උවමනාව !

Text 14පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය ගෙන ආවේ නාමල් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම වැලැක්වීමට බව සඳහන් කර සිටියේය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල අතර තිබෙන සිතල යුද්ධය ගැන 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු පැවසුයේ, මහින්දගේ හා ශිරන්තිගේ එකම අරමුණ නාමල් ජනාධිපති කරවීම බවත් ඊට බාධාවන කිසිවකට ඔවුන් දෙදෙනා ඉඩ නොතබන බවත්ය.

එහෙයින් යම් මොහොතක ශෂින්ද්‍ර රාජපක්ෂ ගෙන් නාමල්ට අභියෝගයක් එල්ලවෙතැයි පවතින සැකය තුල චමල් රාජපක්ෂට මොනම හේතුවක් නිසාත් ජනාධිපති අපේක්ෂකත්වය හිමි නොවනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

එසේම, ගෝඨාභය වටා සිටින ප්‍රබලයින් ද නාමල් කොන්කරමින් කටයුතු කිරීම මහින්ද-ශිරන්ති දෙපලගේ කනස්සල්ලට හේතුව ඇති බව සඳහන් කර සිටි රාජපක්ෂ පවුලේ ඥාතියා වැඩිදුරටත් කියා සිටියේ, අවසානයේදී නාමල්ට අභියෝගයක් නොවන පවුලට පිටින් අයකු ජනාධිපති අපේක්ෂකයා කිරීමේ වැඩි ඉඩක් ඇති බවයි.

සබැඳි පුවත් :

අපේක්ෂකයා වෙන අයෙක්: ගෝඨා නම් කෙරේ උණුසුම තියාගන්න !

මහින්දව බිත්තියටම හේත්තු කරයි: ගෝඨා තවත් බාධකයක් ජයගනී

ගෝඨා ඉස්මතු වෙද්දී ජී.එල්. හා දිනේෂ්ටත් සුදානම් වෙන්න කියලා !

සජිත් සමග සටනට ගෝඨාභය යළි දිවයිනට

''ගෝඨාට ඇමරිකාවෙන් බාධාවක් නැහැ, ජනාධිපති ලෙස දිව්රුම් දෙනවා''

ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්!

ගෝඨා 'බාධකයක්' ජයගනී! - ඇමරිකාවෙන් සහතිකයක්!

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ -නලින් ද සිල්වා

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්