වසංගත නිවාරණ නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේදී සියලු දෙනාටම සමාන ආකාරයෙන් සැලකිය යුතු බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
 
කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය පොලිස්පති චන්දන ඩී වික්‍රමරත්න වෙත ඒ බව දැනුම් දී ඇත්තේ පොලීසිය භාර අමාත්‍ය වරයාද මුඛ ආවරණ නොමැතිව රැස්වීම් සදහා ප්‍රසිද්ධියේම සහභාගි වීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබියදීය.
 
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර නිල ඇලුමින් සැරසුන පොලිස් නිලධාරීන් සිටියදී, මුඛ ආවරණ නොමැතිව රැස්වීමකට සහභාගී වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහුගේම සමාජ  මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබුනි.
 
 

WhatsApp Image 2021 05 16 at 8.48.38 AM

 
 
 
මැයි 11 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය දැනුම් දී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ මහජනතාව විසින් තම වගකීම පැහැර හැර, පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට දක්වමින් ඔවුන් පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීම් සිදුකර, විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බස් රථ වලින් ප්‍රවාහනය කරන අයුරු කොමිෂන් සභාවේ අවධානයට යොමු වු බවයි.
 
ඒ අනුව මෙම කෝවිඩ් වසංගත තත්වය හමුවේ මෙම නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග හදිසි කාලවකවානුවක් තුළදි වුවද, “නීත්‍යානුකූලව හා සියලු දෙනාටම සමාන ආකාරයට” විය යුතු බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට සිහිපත් කර දී තිබේ.
 
 
 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ අජිත් රෝහණ මැයි 14 සිකුරාදා ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන්  පුද්ගලයන්  9029ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
 
 
 
1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව පහත කරුණු  3 කෙරෙහි  පොලිස්පතිවරයාගේ අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
 
 
1. අත්අඩංගුවට ගැනීමට අදාළව නීතියේ දක්වා ඇති ප්‍රතිපාදනයන්ට අනුකූළව (අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් දෙපාර්තමේන්තු නියෝග හා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී ඇති තීන්දු පිළිබඳව අවධානය යොමු කර) අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම.
2. කෝවිඩ්  වසංගත තත්වය යටතේ නිරෝධායන නීති උල්ලංඝනය කරනු ලබන සියලුම අයවලුන් සිදුකරනු ලබන ක්‍රියාවන් කිසිදු වෙනස් කමකට භාජනය නොකර සියලු දෙනාට ම සමාන වන ලෙස ක්‍රියාත්මක කිරීම.
3. අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන පිරිස් නිරෝධායන නියෝග හා ඊට අදාළ මාර්ගෝපදේශ අනුව ප්‍රවාහනය කිරීම.
 
 
ඒ අනුව හදිසි අවස්ථාවකදී වුවද, නීතියෙන් බැහැරව සිදුකරනු ලබන තාවකාලික ක්‍රියාකලාපයන් තුළින් සිදුවන සෘණාත්මක බලපෑම මුළුමහත් සමාජයටම භුක්ති විදීමට සිදුවන බැවින්, නීතියේ දක්වා ඇති ක්‍රමවේදයන් අනුගමනය කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇප කැප වී සිටින පොලිස් දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ආචාර්ය ජගත් බාලසුරිය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත දැනුම් දී තිබේ.

 

WhatsApp Image 2021 05 16 at 8.48.38 AM 1

 


THE LEADER TV 
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්