මොරටුව නගරසභා බල ප්‍රදේශයේ කෝවිඩ් එන්නත් ලබාදීම අද දිනයේ සිදුකර ඇත්තේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ තුන්ඩුවක් ( චීට් පතක්) රැගෙන පැමිණි අයට ප්‍රමුකත්වයක් ලැබෙන
පරිදිය.
කෝවිඩ් එන්නත් කිරීම සිදුකරන්නේ අදාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH -
Medical Officer of Health ) හරහාය. ඒ අනුව මොරටුව නගර සභා බලප්‍රදේශයට MOH කොට්ඨාශ දෙකක් ඇතුලත් වේ. ඒ, මොරටුව දකුණ හා එගොඩ උයන ලෙසය.
මෙම MOH කාර්යාල හරහා අද දිනයේ කොවිඩ් එන්නත් කරන බව දැනුම්දීමත් සමග නගරාධිපතිවරයා තමාගේ නිල මුද්‍රාව තුන්ඩුවක් සකසා මොරටුව බලප්‍රදේශයේ පොහොට්ටු පාක්ෂිකයින්ට ඊයේ රාත්‍රීයේ බෙදා දී ඇත.
ඒ අනුව අදාල තුන්ඩු කොළ රැගෙන පැමිණි පොහොට්ටු පාක්ෂිකයින් පෝලිමෙන් පරිබාහිරව එන්නත් විදගැනීමට කටයුතු කළ අවස්ථාවේදී උදැසන 4 සිට පෝලිමේ සිටි සාමාන්‍ය පුද්ගලයින් ඊට විරෝධය පළකිරීම තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.
මේ අවස්ථාවේදී අදාල සෞඛ්‍ය නිලධාරීන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇත.
ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂවරයාට බලපෑම් කරමින් සෞඛ්‍ය නිලධාරීන් වහාම සේවයේ යොදවන ලෙසට දැනුම් දී ඇත.
ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂවරයාට අදාල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.
මේ අනුව පොහොට්ටු පක්ෂයේ නොවන බොහෝ පිරිසකට අද දිනයේ දී එන්නත් ලබාගැනීමට නොහැකිවී ඇත.
පාක්ෂිකයින්ට ලබාදී තිබු තුන්ඩු කැලි
THE LEADER TV
සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!
බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!