යුද්ධයෙන් මියගිය දසදහස් සංඛ්‍යාත නෑසියන් අද දිනයේදී මුල්ලිවයික්කාල්හීදී සැමරීමේ අයිතිය අධිකරණය විසින් දෙමළ ජනයාට තහවුරු කර දී තිබුනත් එයට බාධා පැමිණවීමට පොලීසිය දිගින් දිගටම දරන උත්සාහය
අත්හිටුවා නැත.
 
මුල්ලිවයික්කාල් සැමරුම් භුමියට පිවිසෙන සියළු මාර්ග  අධිකරණ නියෝගය ද නොතකමින් ඊයේ පස්වරුව වන විට පොලිස් රැකවල් යොදා අවහිර කර ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
අද දිනයට යෙදෙන මුල්ලිවයික්කාල් සමරුව පැවැත්වීම සඳහා නායකත්වය දෙන දෙමළ දේශපාලකයන්,  බිම් මට්ටමේ ක්‍රියාධරයන්, අතුරුදහන්වුවන්ගේ ඥාතීන් පමණක් නොව මාධ්‍යවේදීන්ටද එරෙහිව උතුරේ මෙන්ම නැගෙනහිර පොලිසි ද තහනම් නියෝග කිහිපයක් ලබාගෙන තිබුනි.
 
ඊට එරෙහිව කරන ලද අභියෝගය විමසා බැලූ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම යාපනය අධිකරණයත් වසංගත නීති පිළිපදිමින් අනුස්මරණය පැවැත්වීමට ඊයේ අවසර ලබා දී තිබුනි.
 
 
 
 
ඉන් අනතුරුව සංවිධායකයන් සමරු භුමියට යාම වලක්වා ලන්නට පොලිසිය උත්සාහ කළේ තමන්ද ඉදිරිපිට අධිකරණය දුන් නියෝගය අතට ලැබී නැති බව පවසමිනි. එය වැරදී ගිය තැන ඔවුන් දැන් කර ඇත්තේ පලාතම හුදෙකලා කිරීමයි.  
 
 
 
 
නීතිඥ සුගාස් කනග රත්නම්, නටරාජ් කාන්දීපන්, ඇන්ටන් පුනිදනායගම්, යන නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුනි.
 
වසංගත නීති අනුව පුද්ගලයන්ට ඒකරාශි වීමට නොහැකි බව පවසන ඉහළ පොලිස් නිලධාරියෙක් එම ස්ථානයෙන් පිටව නොගියහොත් අත්අඩංගුවට ගන්නා බවට නීතිඥයන් ඇතුළු පිරිසට අනතුරු අගවන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.
 
"දැනුත් මේ කරන්නේ නීති විරෝධි වැඩක්. දැන් ඒ හින්දා විසිරිලා යන්න නැත්නම් දෙන්නෙක් තුන්දෙනෙක් ඇරස් කරලා දානවා."
 
 
 
 
 
යුද්ධයෙන් මළවුන් සැමරීම අයිතිය අධිකරණය විසින් තහවුරු කර දුන් බව නීතිඥ සින්නරාසා තනංජයන් විසින් පෙන්වා දුන් පසු පොලිසිය බාධා කිරීම් අත්හල බවක් පෙන්වා සිටියත්, සැන්දෑ වනවිට හදිසියේම පළාත හුදෙකලා කරන බව දන්වා දැඩි පොලිස් හා හමුදා බලමුළු යොදවා තිබේ. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ ඇඟලුම් කම්හලක 261 දෙනකු ආසාදිත ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව ඊයේ රාත්‍රී 11 සිට මුලතිව්, පුදුකුඩියිරුප්පු සහ මුල්ලිවයික්කාල් පොලිස් වසම් හුදෙකලා කර ඇත. 
 
 
 
 
යුද්ධයෙන් මිය ගිය සිය සමීපතමයන් අනුස්මරණය සදහා යාපනයේ දෙමළ ජනතාව විසින් සංවිධානය කර තිබෙන සැමරුම් වැලැක්වීමට පොලීසිය ගත් උත්සාහයද අසාර්ථක වී තිබේ.
 
උතුරේ වාර්තාකරුවන් පවසන්නේ මුල්ලිවයික්කාල් යුද සැමරුම් යාපනයේදී සැමරීම වළකාලීම සදහා කෝපායි පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි තහනම් නියෝගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා නොදුන් බවයි.
 
එහිදී යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් කෝපායි පොලීසියට පෙන්වා දී ඇත්තේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව යාපනයේදී සමරන අවස්ථාවක නිරෝධායන  නීති උල්ංඝනය කිරීමක් හෝ තහනම් සංවිධානයක් හෝ සාමාජිකයකු උත්කර්ෂයට නංවන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමේ බලය පොලීසිය සතු බවයි.
 
එවැන්නක් සිදුවන්නේනම් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වැඩි දුරටත් පොලීසියට දැනුම් දී තිබේ.
 

 


THE LEADER TV 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්