ඉකුත් ඉරිදා දින ඇමරිකාවේ ෆ්ලොරිඩා හිදී නිමාවට පත්වූ විශ්ව රූ රැජින තරගාවලියේ "ජාතික ඇඳුම්" තරග අංශය ලොව සමාජීය සහ දේශපාලනික ගැටළු පිළිබඳ වර්ණවත් විරෝධතාවලින් ආලෝකමත් විය.

 
ඒ, මියන්මාරය, සිංගප්පූරුව සහ උරුගුවේ යන රටවල තරගකාරියන් විසින් මේ වනවිට මියන්මාරයේ පවත්නා දේශපාලන අර්බුදය, ආසියානු විරෝධය, LGBTQ ප්‍රජාවට වෙනස්කොට සැලකීම යන කාරණා විශ්ව රූ රැජින වේදිකාවට ගෙන ඒමත් සමගිනි. 
 
සිංගප්පූරු රූ රැජින බර්නාඩේ බෙල් ඔන්ග් "ආසියානු ද්වේශයට තිත තබනු!" මැයෙන් සටහන් වුණු, එරට ජාතික කොඩියේ වර්ණවලින් යුත් ඇඳුමකින් සැරසී එම තරග අංගයට එක් වූවා ය. 
 
 
ඇමරිකාව තුළ ආසියානු විරෝධී මතවාද රැල්ලක් ගොඩ නැගෙමින් පවතින කාලයක මෙම විරෝධය වේදිකාවට පැමිණි අතර කැලිෆෝනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් ඇමරිකාවේ විශාලතම නගර සහ ප්‍රාන්ත 16ක් මුල් කරගනිම්න් සිදුකළ සොයා බැලීමකට අනුව ආසියානුවන්ට එරෙහි වෛරී අපරාධවල 164% ඉහළ යාමක් වාර්තා වී තිබේ.    
 
උරුගුවේ රූ රැජින ලෝලා ද ලොස් සැන්ටෝස් "ජාතික ඇඳුම්" තරග අංශයේ දී LQBTQ ප්‍රජාව වෙත සිය සහයෝගය පළ කර සිටියා ය. දේදුනු වර්ණ ගැන්වූ ඇයගේ දිගු සායේ "වෛරය, ප්‍රචණ්ඩත්වය, ප්‍රතික්ෂේප කිරීම, වෙනස්කොට සැලකීම තවදුරටත් එපා!" යනුවෙන් සඳහන් කර තිබුණි. ඇය දිගු කලක පටන් LQBTQ අයිතීන් උදෙසා පෙනී සිටි අයෙකි.  
 

Nyanmar

 
 
මියන්මාර රූ රැජින තුසර් වැන්ට් වින් සිය පණිවිඩය විශ්ව රූ රැජින වේදිකාව වෙත ගෙන ගියේ අනෙක් තරගකාරියන්ට වඩා වෙනස් විදියකට ය. "මියන්මාරය වෙනුවෙන් යදින්න!" යයි ඇය එහිදී ඉල්ලා සිටියේ, ලියවිල්ලක් ප්‍රේක්ෂකාගාරය හමුවේ ප්‍රදර්ශනය කරමිනි. 
 
 fgsdfg
 
ඉකුත් පෙබරවාරියේ මියන්මාරයේ බලය අල්ලාගත් හමුදා ජුන්ටාවට එරෙහිව ඇය මින් පෙරත් සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කර තිබූ අතර ජුන්ටාවට එරෙහි විරෝධතාකරුවන්ට සහය පළ කර සිටියා ය.
 
"ජාතික ඇඳුම්" තරග අංශයේ ජය මියන්මාර රූ රැජිනට හිමිවූ අතර සමස්ත තරගාවලි ජය ලබමින් මෙක්සිකෝ තරගකාරිය ඇන්ඩ්‍රියා මෙසා, මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවා ය.
 
(අවාරා)

 

 


 

THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්