පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත්

 
කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
 
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
 
පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් කියා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවටගත් බවය.
 
කොලෝසස් (ප්‍රයිවට්) ලිමිටඩ් නැමැති සමාගමක් සමග පැවති සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍යව තිබෙන බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බව ද රිෂාඩ් බදියුදීන් සිය පෙත්සමෙන් සඳහන් කරයි.
 
අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවද ඔහු පවසයි.
 
ඉන් අනතුරුව තම සොහොයුරා ද අත්අඩංගුවට ගැනුණු බව ඔහු කියා සිටී.
 
 
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කර සිටියි.
 
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කර සිටියි.
 
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා පැවසුයේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බවයි.
 
 
'' වැරැද්දක් කර තිබේනම් මට මරණ දණ්ඩනය වුනත් දෙන්න.'' - රිෂාඩ් බදියුදීන් 
 
 
 
 
මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආරක්ෂක ඇමතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ආණ්ඩුවේ දේශපාලන බාධක මැද අද දින (18) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී විය.
 
 
ඔහු පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසිය.
 
''රටේ ජනාධිපතිවරයාට පවතින බලය පාවිච්චි කරමින් කිසිම උසාවියකින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් නොගෙන පාන්දර එකහමාරට පමණ මාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව මාව අත්අඩංගුවට ගනු ලැබුවා. 
 
 
අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණ වේ දැයි මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියේය. 
 
 
''මා යම් කිසි වැරද්දක් කර තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුවත් කර තිබිය යුතුයි, එහෙත් දින විසි දෙකක් මුළුල්ලේ මාව රැඳවුම් භාරයේ තබාගෙන මේ වන තෙක් එලෙස කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නෑ. 
 
මම යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර මට මරණ දඬුවම වුණත් ලබා දෙන්න. එසේ නැත්නම් මාව නිදහස් කරන්න යැයි මන්ත්‍රීවරයා දැඩි ආවේගයෙන් යුතුව කියා සිටියේය.
 
 
ඔහු තවදුරටත් කියා සිටියේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා දහයක් සම්බන්ධව විමර්ශනය කර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී නිරීක්ෂණය වී තිබූ ඛවත්, එවකට වැඩ බලන පොලිස්පති, වත්මන් පොලිස්පති විසින් පත් කරන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ද ඔහුට එරෙහිව තිබූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර පාස්කු ප්‍රහාරයට හෝ ත්‍ර‍ස්තවාදී ක්‍රියාවකට සඳහා ඔහු කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති බවද මේ පාර්ලිමේන්තුවට එවකට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබුණු බවයි. 
 
එපමණක් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ද තමාට එරෙහිව කිසිදු නියෝගයක් සඳහන් වී නොතිබු බව මන්ත්‍රීවරයා පැවසිය.
 
වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හා බහුතර සුලු ජාතික ජනතාවක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෙකු විපක්ෂයේ සිටි පමණින් මෙලෙස පලි නොගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේය. 
 
 
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
              #######################
 
 
THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්