1200 x 80 DMirror
 
 

 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද දින අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර
සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත. 
 
 ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් එබව තහවුරු කරයි.
 
මෙම කොරෝනා ආසාදිත සමයේ ඉන්දියාවේ සිට ලෝකයේ කිසිදු රටක් වෙත ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවා ඇත. 
 
එහෙත් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගෙන ඉන්දීය ගුවන් සේවය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ බව ඉන්දීය ගුවන් සේවය විසින් ඉන්දීය රජය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙසේ මෙරටට පැමිණීමට අවසර හිමි වී ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු පවසයි.
 
 
 
 
අද දින අලුයම 12.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-273 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ. 
 
 
මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට අමතරව ඉන්දීය ජාතික ගුවන් මගීන් 16 දෙනෙකු ද පැමිණ තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බව සාරානාත් පීරිස් වැඩිදුරටත් පවසයි.
 
එසේම මෙම ගුවන් යානය අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන යලි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් ද සිටිය බව ඔහු සඳහන් කරයි. 
 
එම ගුවන් මගීන් පිරිස මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 09 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 160ක අසුන් ගෙන සිටිය බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් වැඩිදුරටත් පවසයි.
 
(නෙත් නිව්ස්)
 
 
###############
 
THE LEADER TV 
 

විමල් යළි කරලියට - ආණ්ඩුවේ බැසිල් විරෝධී පක්ෂ නායකයින් කැඳවයි

 

යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද? 

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්