කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය
තීරණය කර ඇත.
 
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට තීරණය කර ඇතත් ඒ සදහා පක්‍ෂව තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
 
 
 

 
 
 
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගැනීම අසිරුබවයි. 
 
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහයදුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ සහය මෙම පනත සම්මතකර ගැනීමට නොලැබෙන බව දැනටමත් තහවුරුවී තිබේ. 
 
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට යටත්ව අදාල පනත් කෙටුම්පත සංශෝධනය කර සරල බහුතරයෙන් සම්මතකර ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
 
 
 
 

 
විපක්ෂය ගෙනෙන යෝජනා සහ අගමැති මහින්දගේ ප්‍රතිචාරය
 
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කරුණු අටක් යටතේ සංශෝධන ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගන්න බව ආචාර්ය හර්ෂ ද සිල්වා බදාදා (මැයි 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 
විපක්ෂය වෙනුවෙන් ඊට අදාළ විවාදය ආරම්භ කරමින් කරුණු දැක්වූ ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත තුළින් විදේශිකයන්ට වැඩි බලයක් ලබාදීම හෝ පාර්ලිමේන්තුවට ඇති බලය අහිමි කිරීම සිදු නොවිය යුතු බවය.
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති යෝජනා දෙවනවර කියවීමේදී එකතු කිරීමට අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
 
 
 

 
 
මේ අතර ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දමන ලෙසයි.
 
 

 

THE LEADER TV 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයා ගෙන් විමර්ශනයක් ? 
 

 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්