ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මේ බව පැවසීය.
 
 
"ඔබ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත්නම් සයිනොෆාම් එන්නත ලබාගන්න එපා. එය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කරන්නේ නැහැ. ඔබට කොවිඩ් රෝගය වැලඳුනත් ඔබ එන්නත ලබා ගැනීම වැදගත්. එන්නත් ලබාදීම මගින් පමණක් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකියි. ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත්. මේක තවමත් අපිට පාලනය කළ හැකියි. නමුත් ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා". යයි විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 

 
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් විකුණා ඇති බවට චෝදනාවක්
 
 
මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව බලධාරීන් පවසති.
 
එම තත්ත්වය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
 
ඊයේ (19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව සඳහන් කළේය.
 
 
 
 
 කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් හා "ස්පුට්නික් v" යන එන්නත්වල පළමු මාත්‍රා ලබාදීම ඊයේ දිනයේ ද සිදුවිය.
 
ඊයේ දිනයේ සයිනොෆාම් පළමු මාත්‍රාව 33,017 දෙනෙකුට ලබාදී ඇති අතර "ස්පුට්නික් v" පළමු මාත්‍රාව 17 දෙනෙකුට ලබාදී තිබේ.
 
කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 5,229 දෙනෙකුට ලබාදුන් බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.
 
 
 2021. 05. 19 COVID Immunization Progress
 
###############
 
THE LEADER TV 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයා ගෙන් විමර්ශනයක් ? 
 

 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්