කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත විය.
 මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්විණ.
 
මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ඡන්ද 59ක් ද හිමිවිය. 
 
පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. 
 
සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 05දෙනා ඡන්දය ප්‍රකාශය කරන අවස්ථාවේ සභා ගැඹේ නොසිටියේය.
 
සමගි ජන බලවේගය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හා එම පක්ෂයේ දිගාමඩුලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් පනත විරුද්ධව ඡන්දය දුන් නමුත් බැසිල් රාජපක්ෂ යටතේ සිටින එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ඉෂාක් රහුමාන් හා පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී අලි සබ්රි ආණ්ඩුවට සහය පළකරමින් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.  
 
 
 
THE LEADER TV 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්!
 

 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයාගෙන් විමර්ශනයක් ? 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්