1200 x 80 DMirror
 
 

වර්තමාන දේශපාලන තත්ත්වයට තමා එකඟ නැතැයි කොළඹ මහ නගර සභාවේ 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල පවසයි. 
මෙරට ජනතාව සමස්ත දේශපාලන ක්‍රමය පිළිබඳව ම ලොකු කලකිරිමකින් සිටිනා බවද ඇය කියා සිටියි.
 
'යුක්තිය උදෙසා කාන්තාවෝ 'සංවිධානයේ සම සභාපතිනිය වන ශර්මිලා ගෝනවල, වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකල තැනැත්තියකි.
 
රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් ඇය යහපාලනWhatsApp Image 2021 05 21 at 11.34.43 AM ආණ්ඩුව සමයේදී අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත් කර තිබිණ.
 
ඉහත කී පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද ඇය සිය පෙත්සමෙන්
ඉල්ලා තිබිණ.
 
 
 
අගමැති මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතියක වන ඇය වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්  ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ, සමාජ මාධ්‍ය සාකච්ජාවක දී මාධ්‍යවේදියකු කළ විමසීමකදීය.
 
''වර්තමාන දේශපාලනය සමඟ ඔබට එකඟ වෙන්න පුළුවන් ද ?'' යයි මාධ්‍යවේදියා කළ විමසීමේදී ඇය තවදුරටත් මෙසේ පවසන්නීය.
 
''නැහැ, සමහරක් අය ඔව් කියයි. මම ටිකක් හිතන විදිය වෙනස් හින්දා මම කියන්නේ මම එකඟ වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ සහ දේශපාලඥයා පෝෂණය වෙන්න බලය රැක ගන්න බලය ලබා ගන්න බිහි වෙච්ච දේශපාලන ක්‍රමයක්. ඕනම දෙයකට කල් පැවැත්මක් තියෙනවා. 
 
 
 
 
දැන් අප සමාජයේ ඕනැම තරාතිරමේ ඕනැම වයස් ප්‍රමාණයේ කෙනෙකුට කතා කලොත් අපට පැහැදිලිව තේරෙනවා වර්තමාන දේශපාලන ක්‍රමවේදය දැන් කල් ඉකුත් වෙලා ඉවරයි. ඕනැම දෙයකට සෙල්ෆ් ලයිෆ් එකක් තියෙනවා නේ. මේ වර්තමාන ක්‍රමයේ ජීව කාලය ඉවරයි. දැන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කියන අවංක නායකයෝ, ප්‍රතිපත්ති ඉදිරිපත් කරන නායකයෝ. 

technology with youth

'දැන් ඉන්න තරුණ පරපුර ගොඩාක් දැනුවත්. මේ තියන සමාජ මාධ්‍යත් එක්ක අද ඇත්ත හංගන්න බැහැ.''
 
 
 
 
දැන් ඉන්න තරුණ පරම්පරාව ගොඩාක් අම්මා අහවල් පක්ෂය, මගේ ආච්චි සීයා අහවල් පක්ෂය කියලා හිතලා ඡන්දය දෙන අයට වැඩිය අතේ තියන ජංගම දුරකතනයෙන් ගොඩාක් දේවල් දැන ගන්නවා. රූපවාහිනියෙන් ගොඩාක් දේවල් දැන ගන්නවා, ඉන්ටනෙට් එකෙන් ගොඩාක් දේවල් දැන ගන්නවා, ඒ නිසා ගොඩාක් දැනුවත්. මේ තියන සමාජ මාධ්‍යත් එක්ක අද ඇත්ත හංගන්න බැහැ.Mama12
 
 මම හිතනවා පහුගිය කාල සීමාව ගත්තම අපේ රටේ ජනතාව සමස්ත දේශපාලනය ගැන ලොකු කලකිරිමකින් ඉන්නේ. 
 
පහුගිය රජය අරන් බලන්නකෝ. සියලුම දේශපාලන පක්ෂ  අපේ රටේ ව්‍යවසස්ථාව උල්ලංගණය කරමින් ඇමතිදූර ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ බලය ලබා ගැනිමට, බලය රැකගැනීමට, බලය තවදුරටත් රඳවා ගැනීමට. 
 
නමුත් අද මේ ‌ලෝක වසංගත තත්වය තුල අරන් බැලුවම මේ පක්ෂ වලට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදා ගැනීමට හෝ මේ රජය ගෙනියන වැඩපිළිවෙලට සාර්ථකව සහයෝගය දෙනවා වෙනුවට ඒකත් හොඳ නැහැ,
මේකත් හොඳ නැහැ, තවත් දෙයක් හොඳ නැහැ කියලා විවේචනය කරලා බලය ඩැහැ ගන්න බලා ගෙන තමයි ඉන්නේ. 
 
එතකොට බලය රැකගන්න, බලය ඩැහැගන්න, බලය පවත්වා ගෙනයන්න කියන දේශපාලන ක්‍රමයට ජනතාව තදින්ම විරුද්ධයි.  
 
 
 
 
ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කතා කරන අවංක ඉදිරි අවුරුදු 10දි රට කොහාටද ගෙනියන්න  පුළුවන්, ඉදිරි අවුරුදු 20දි රට කොහාටද ගෙනියන්න පුළුවන් කියන තරුණ, දැනුවත් රටට ජාතියට ආදරය කරන දේශපාලන නායකයන්ව තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.
 
 
 
මම හිතනවා ඕනැම කෙනෙකුගේ හිත් රිදුනම සිත් තැවුල් ඇතිවුණාම අපි හැමෝම යන්නේ අපේ අම්මා ගාවට ඒ වගේම තමයි අපේ ප්‍රේමයත්, තරුණ අයගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳුනොත්, පවුලක ආරවුලක් ඇතිවුණොත්, අසනීපයක් ඇතිවුණොත් මේ සෑම අවස්ථාවකදිම අපට ඉස්සෙල්ලම මතක් වෙන්නේ අපේ අම්මා කියන කෙනා. අපට විශ්වාසයක්  ඇති කරගන්න පුළුවන්. 
 
මේ රටේ බල කඳවුරු ගොඩනඟන්න, රජයන් ගොඩනඟන්න,  සෑම තරාතිරකම, සෑම වෘත්තියකම කට්ටිය එකතු වෙලා බලය ගොඩනැඟුවා. 
 
නමුත් අද වෙනකොට අපට තේරුම් ගිහිල්ලා තියෙනවා මේ රටේ අනාගතයට සරිලන රටේ දියුණුවට අවශ්‍ය කරන ප්‍රතිපත්ති තිබ්බනම් දැක්මක් දර්ශණයක් තිබ්බනම් ඒ නායකයෝ දෙන්නයි, පලවෙනි කෙනා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි, එතුමිය නිෂ්පාදන ආර්ථිකය ගැන හිතුවා. 
 
 
 

MR vs Sw

 
 
 
අනෙක් නායකයා හිටපු ජනාධිපතිතුමා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා.  එතුමා ඡන්ද පොරොන්දුවක් දුන්නා යුද්ධය අවසන් කරනවා කියලා. ඊට පස්සේ මේ රට ලෝකෙත් සමඟ තරඟකාරිත්වයක් ඇතිව සම්බන්ධ වෙන්න.
 
 WhatsApp Image 2021 05 21 at 11.34.43 AM 2එතුමා විශ්වාස කලා, කල යුත්තේ යටිතල පහසුකම් දියුණු කිරිම කියලා. ඒ අනුව එතුමා රටේ යටිතල පහසුකම් දියුණු කලා. ආයොජකයන් ආකර්ශණය කලා මේ රට දියුණුව කරාගෙනයන්න. අපි  අපේ ජීවිත කාලය අපට දකින්න ලැබෙයි කියලා හිතපු නැති අධිවේගි මාර්ග, ගුවන් තොටුපොලවල්, ගුවන් පාලම් මේ හැමදෙයක්ම ඒ කාලය තුල ඇතිවුණා. ඒ වගේ ජනතාවට අවශ්‍ය අද ඉදිරිය දැකලා ප්‍රතිපත්ති හදන තීරණ ගන්න දක්ෂ අවංක නායකයෝ.
 
 
 
 කාන්තාවක් හැටියට මම ගොඩාක් සතුටුයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගේ ප්‍රශ්ණ තේරුම් ගන්න පුළුවන්, රටට ආදරය කරන රටේ ජනතාවට අම්මා කෙනෙක් වගේ සලකන කාන්තාවක් මේ රටේ නායකත්වය ගන්නවා දකින්න  මම හරිම කැමතියි. එහෙම වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.''
 

subscribeYT

subscribeYT

නවතම පුවත්