දින 14 ක කාලයක් රට වසා දමන බවට (ලොක්ඩවුන්) සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව
යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 
යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද (21) රාත්‍රී 11 සිට ලබන 28 වනදා තෙක් අවස්ථා 02 කදී සංචරණ සීමා පැනවීම පමණක් සිදුකරන බවයි.
 

 
 
දිවයිනම ආවරණය වන පරිදි අද රාත්‍රී 11 සිට සංචරණ සීමා පැනවීමට නියමිතය. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වේ.
 
ඒ අනුව පළමු අදියර අද රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වේ.
 
ඉකුත් සති අන්තයේද මෙලෙසම දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදු කෙරින.
 
සංචරණ සීමා ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව සඳහන් වේ.
 
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින බවය.
 vnfgh
ශෂේන්ද්‍ර රාජපක්ෂ
 
 
එහිදී ගොවි ජනතාව, ව්‍යාපාරිකයින් එදිනෙදා කියක් හරි සොයාගන්න ජනතාව දැඩි අසීරුතාවකට පත්වන ආකාරය මාධ්‍ය වාර්තා තුලින් දිගින් දිගටම අනාවරණ කළේය.
 
මෙවර ද එවැනි තත්ත්වයක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ 'නෙත් නිවුස්' කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පැවසිය.
 

 
ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ එන ලොරි රථ සඳහා එය අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදීමට තීරණය කර තිබේ.
 
එහෙත් එම අවසරය හිමි වන්නේ සීමාසහිතවය.
 
ඒ අනුව ලබන 25 වනදාට ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි රථ සඳහා 24 වනදා ගමන් කිරීමට අවසර හිමි වේ.
 
25 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ භාණ්ඩ බෑමෙන් පසු 26 වන දින භාණ්ඩ රහිත හෝ වෙනත් භාණ්ඩ නැවත පටවා ගත් ලොරි රථ ආපසු ගමන් කිරීමට ද අවසර හිමිවනු ඇත.
 
ලබන 28 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි සඳහා ලබන 27 වනදා ගමන් කිරීමට අවසර ලැබෙන බව පොලීසිය පවසයි.

 

 

 


 

THE LEADER TV 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 
 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්