නැවත පක්ෂ තලයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ අනාගත ප්‍රයත්නයන් සඳහා සහාය වන්නැයි
එජාප නායකත්වය විසින් පක්ෂය හැරගිය සාමාජිකයින්ට ආරාධනය කර සිටියි.
 
එජාපය විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිටියදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන ඕනෑම සාමාජිකයෙකු ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණය දුන් තීන්දුව එක්සත් ජාතික පක්ෂය පිළිගනී.
 
එක්සත් ජාතික පක්ෂ  ව්‍යවස්ථාව යටතේ, පක්ෂ  අපේක්ෂකත්වය යටතේ තේරී පත් වූ සාමාජිකයින් පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව එම වරම ඉටු කළ යුතුය. 
 
ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කිරීමෙන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය  කිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කල ඔහුන් අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනු කරන ලදී.
 
 මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කර ඇති අතර, මෙම සාමාජිකයින් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණය සහ අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් ඔවුන් තෝරා පත් කර ගත් තනතුරුවලින් ඉවත් කිරීම පිළිගෙන තිබේ.
 
 එබැවින්  එක්සත් ජාතික පක්ෂය යටතේ තේරී පත් වූ සියලුම සාමාජිකයින් පක්ෂයේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරයි.
 
එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ආරාධනා කර ඇත්තේ අතීතයේ අයාලේ ගිය සාමාජිකයින්ට නැවත පක්ෂ තලයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ අනාගත ප්‍රයත්නයන් සඳහා සහාය වන ලෙස ය. 
 

unp

 

 


 

THE LEADER TV 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

 
 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්