පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියේයැයි චෝදනා ලැබ සිටි ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ සභාපති
නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ අද (21) නියෝග කළේය. 
 
2012 වසරේ ගාලු වරායට ආසන්න මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක්  නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම තුළින් විත්තිකරුවන් දණ්ඩණීය වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින්  ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 19 යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.
 
මෙම නඩු විභාගය ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගවිය.
 
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
 
අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදළ නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.
 
එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී. ප්‍රේමචන්ද්‍රන් නමැත්තා නඩු විභාගය අතරවාරයේ මිය ගොස් තිබුණි.
 
 
 
 

 

 

 

 


 

THE LEADER TV 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 
 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්