කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම්
අඩුම තරමේ සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සම්ගම් හතරක් රජය වෙත බලකර සිටිති.
 
පළාත් අතර සංචරණ සීමා පැනවීම, හඳුනගත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මගින් පමණක් වයිරසය පැතරයාම පාලනය කිරීමට නොහැකි බව ද එම වෛද්‍ය සංගම් කියති.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව යන සංගම් රජයෙන් එම බලපෑම කර තිබේ. 
 
ලබන අඟහරුවාදා (24) සංචරණ සීමා ලිහිල් නොකර එය තවත් දින ගණනාවකට දීර්ඝ කළ යුතු බව ද දින හතරක් පහක් සංචරණ සීමා පැනවීමෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් එම සංචරණ සීමාව තවත් සතියකින්වත් දීර්ඝ කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු කියයි.
 
 SLMA 1

SLMA 2

SLMA 3

 
 
මේ අතර වෘත්තීයකයින්ගේ සංවිධානය (OPA -Organisation of Professional Associations of Sri Lanka) ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. 
 

OPA 1OPA 2

 
 
කොරෝනා වයිරසයේ බලපෑමෙන් මිදීමට එන්නත ලබාදියයුතු මෙරට ජනතාවගෙන් අවම වශයෙන් සියයට 50 එන්නත ලබාදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ මතයයි. එහෙත් මේවනවිට එන්නත් දෙකම ලබාදී ඇත්තේ එන්නත ලැබියයුතු පුද්ගලයින් ගෙන් සියයට 3.5 ප්‍රමාණයකට පමණකි.
 

Vaccine Total

 


 

THE LEADER TV 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්